Divaina - කළු ගඟ ‘උඩ’ යයි රත්නපුර අවදානමේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

රත්නපුර - අසිත ඉන්දික වීරවර්ධන, නිවිතිගල - ධර්මසිරි ජයවර්ධන
 
 කළු ගෙඟ් ජල මට්ටම ඊයේ 13 දා සවස වන විට අඩි 16 දක්වා ඉහළ ගොස් ඇති බැව් රත්නපුර වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය නිවේදනය කර සිටියි.
 
 මේ නිසා ඉදිරියේ ප‍්‍රදේශයේ පහත් බිම් ගංවතුර අවදානමකට ලක්වීමට ඉඩකඩ ඇති බැව් රත්නපුර වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා කියා සිටී.
 
 රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙත මේ වන විට ගංවතුර අවදානම් මූලික නිවේදනය නිකුත් කර ඇති බැව් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ දිස්ති‍්‍රක් ඉංජිනේරු අභිත වනසුන්දර මහතා සඳහන් කර සිටියේය.
 
 මේ වන විට අධික සුළං හේතුවෙන් නිවාස 22 කට හානි සිදුවී තිබේ.
 
 ඊයේ (13 දා* උදෑසන සිට පැය 12 ක පමණ කාලය තුළදී මි.මී. 150 වඩා අධික වර්ෂාවක් ඇදහැලී තිබේ. මේ නිසා කළු ගඟට සම්බන්ධ අතු ගංගාවල ජල මට්ටම වැඩි වී ඇත. වේවැල්වත්ත රත්නපුර මාර්ගයේ ස්ථාන 3 ක පස් කඳු කඩා වැටී මාර්ග අවහිරතා ඇති වී ඇත. රත්නපුර - පානදුර මාර්ගයේ කහංගම මාර්ගය ගංවතුරට යටවීමට ඉඩකඩ ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
 
 ඉදිරි කාලයේ අවදානම් තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ සේවා නිරන්තර සෝදිසියෙන් සිටීමට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බැව් රත්නපුර දිසාපති මාලනි ලොකුපොතාගම මහත්මිය සඳහන් කළාය.

 


 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles