Divaina - වැඩිහිටියකු දුන් මත්පැන් පානය කළ දරුවා පොලිසියට ගෙන්වයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

arakk555
 
 කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ
 
 වැඩිහිටියෙකු විසින් ලබාදුන් මත්වතුර පානය කළ වයස අවුරුදු 13 ක දරුවා මාධ්‍ය මගින් හෙළි කළ දර්ශන අනුව අනාවරණය කර ගැනීමට කුලියාපිටිය පොලිසියට හැකිව තිබිණ.
 
 කුලියාපිටිය කෝන්ගහගෙදර ප‍්‍රදේශයේ පදිංචි එම දරුවා වහාම වැඩිදුර විමර්ශන සඳහා කැටුව එන ලෙසට (7 දා* පොලිසිය ඔහුගේ මවට දැනුම්දී තිබිණි.
 
 කුලියාපිටිය කෝන්ගහගෙදර ප‍්‍රදේශයේ දිළිඳු පවුලක දැරුවෙකු වූ ඔහු මානසික වර්ධනයේ ගැටලූවක් නිසා පාසල හැරගිය අයකු බව පැවසේ. සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශනය කර දරුවා වෙනුවෙන් සුදුසු කි‍්‍රයාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
 
 සිද්ධියට සම්බන්ධ වයස්ගත පුද්ගලයාද කුලියාපිටිය ඌරුපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවට තොරතුරු පොලිසිය මගින් අනාවරණය කරගෙන ඇති අතර ඔහු ප‍්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලිසිය පවසයි. මාධ්‍ය මගින් හෙළිකර තිබූ තොරතුරු ඔස්සේ කළ විමර්ශන අනුව යමින් එසේ එම පුද්ගලයා අනාවරණය කරගෙන ඇතත්, තැන තැන ගොස් බේකරි කර්මාන්තයේ යෙදෙන බව කියන ඔහු සිද්ධිය ප‍්‍රචාරයවූ දින පටන් මේ දක්වා නිවසට නොපැමිණි බව ඥාතීහු පවසති. එම පුද්ගලයා සොයා පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
 
 මේ පිළිබඳව කුලියාපිටිය මූලස්ථෘන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සාචිත‍්‍රි සිරිමාන්න මහත්මිය ඇතුළු පිරිසක් බුද්ධි නිලධාරීන්ගේද සහය ඇතිව වැඩිදුර විමර්ශන සිදුකරති.
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles