Divaina - කාන්තාවක් අතට හා හිසට කඩුවකින් කොටා මැරූ රන් මහත්තයා රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

අනුර යසමිත් - බළපිටිය
 
kadddddඌරගස්මන්හන්දිය, කොරකීන ප‍්‍රදේශයේ කාන්තාවකගේ අතට හා හිසට කඩුවකින් කොටා ඇය ඝාතනය කර ඇයගේ මවටද බරපතළ තුවාල සිදු කළේ යැයි ඌරගස්මන්හන්දිය පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 21 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහෙස්ත‍්‍රාත් ගයාන් මීගහගේ මහතා පසුගියදා නියෝග කළේය.
 
 ඝාතනය සිදු කළේ යැයි කියන ආයුධවලට අදාළ රස පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර වැඩිදුර වාර්තාවක් මගින් ප‍්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, මහෙස්ත‍්‍රාත්වරයා ඌරගස්මන්හන්දිය පොලිසියට දැනුම් දුන්නේය.
 
 මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ යටගල, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි තොම්මයාහකුරු තුෂාර පේ‍්‍රම කුමාර (40* නොහොත් රන් මහත්තයා නමැති අයයි.
 
 ඌරගස්මන්හන්දිය, කොරකීන ප‍්‍රදේශයේ පදිංචිව සිටි සජීවනී ප‍්‍රියංකා රත්නායක (39* නමැති තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සීතා රත්නායක (65* වන ඇයගේ මවටද සැකකරු කඩුවෙන් කොටා බරපතළ තුවාල සිදුකර තිබිණි.
 
 ඝාතනයට ලක්වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදේශ රැකියාවක නිරතව සිටින බවත්, ඇයට වයස අවුරුදු 19 සහ 10 වයස් කාණ්ඩයන්හි දියණියන් දෙදෙනෙක් සහ අවුරුදු 03 ක පුතෙක් සිටින බවත් ඌරගස්මන්හන්දිය පොලිසිය කියයි. මියගිය කාන්තාවගේ හිසේ කැපුම් තුවාල 04 ක් හා අත් දෙකේම කැපුම් තුවාල තිබූ බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. එක් අතක ඇඟිලි කොටස් මැණික් කටුව ළඟින් සම්පූර්ණයෙන්ම වෙන්වී තිබූ බවද ඌරගස්මන්හන්දිය පොලිසියේ ප‍්‍රකාශකයෙන් සඳහන් කළේය.
 
 සැකකරු මීට වසරකට පමණ පෙරදී මියගිය කාන්තාවගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන්ද පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඕ බන්ධනාගාරගතව සිටි අයෙකු බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
 
 ඌරගස්මන්හන්දිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. එම්. ඉරාන් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් ධනපාල (28634* සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles