Divaina - බසයේදී මිතුරු වූ කාන්තාවකට මත් බීම පොවලා රන් ‘සුද්ද’ කරලා; පොලිස් නිලධාරියාගේ තියුණු ඇසින් කොටුවූ සැකකරු රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new


 
 ත‍්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි,
 කන්තලේ ඩබ්. එම්. වික‍්‍රමසිංහ
 
math මත් බීම වර්ගයක් බීමටදී බස් රථයක් තුළදී කාන්තාවක සිහිමුර්ජා කර ඇගේ මුදල් සොරකම් කර කිසිවකුටත් සැකකයක් ඇති නොවන පරිදි ඇය පැළඳ සිටි රන් ආභරණ ද ගලවා ගනිමින් සිටි මගියකු එම බස් රථයේ ගමන් ගත් කොස්තාපල්වරයකු විසින් 11 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන කන්තලේ මූලස්ථාන පොලිසියට භාර දී තිබේ.
 
 කුරුණෑගල සිට ත‍්‍රිකුණාමලය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුළදී සැකකරුට යාබද අසුනේ සිටි කාන්තාව සමග මිතුරු වී මත්බිම වර්ගයක් බීමට සලස්වා මෙම සොරකම සිදුකරද්දී ඒ බව දුටු පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳ සැමියාට පැවැසීමෙන් පසුව ක‍්‍රියාත්මක වූ ත‍්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියට අනුයුක්තව වැඩ අංශයේ සේවයේ නියුතු කොස්තාපල් (59362* පී. එම්. සමින්ද බණ්ඩාර මහතා සැකකරු අත්අඩංගුවට ගෙන මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.පී.බී.විජේසිරි මහතාට භාර දී තිබේ.
 
 සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු ළ`ග තිබී කාන්තාවගෙන් සොරකම් කරන ලද රුපියල එක්ලක්‍ෂ විසිනමදහසක මුදලක්, රුපියල් ලක්ෂ පහමාරක රන් ආභරණ සහ මත්පෙති 11 ක් සොයා ගැනීමට පොලිසිය සමත් වූහ. මීට අමතරව මත් බීම බෝතලය බීම සමග සොයාගෙන තිබේ. කාන්තාව සිහිමුර්ජා ගතියෙන් පසුවීම නිසා ප‍්‍රතිකාර සඳහා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබීය.
 
 මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.එච්. රන්දික තුෂාන්, කොස්තාපල් (11619* දිසානායක යන මහත්වරුන් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහු දිවයිනේ නමගිය සොරකු බවයි. සැකකරු දිවුලන්කඩවල මැදිරිගිරියේ පදිංචිකරුවෙකි. සැකකරුට එරෙහිව කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ වරෙන්තු තුනක් ඇති බව ද පොලිසිය කියයි. මෙම කාන්තාවගෙන් ගලවා ගත් මුදු පහක්, වලල්ලක්, මාලයක්, පෙන්ඩනයක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම පමණක් රුපියල් ලක්ෂ පහමාරක් පමණ වන බව පොලිසිය කියයි.
 
 කන්තලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි (11* ප‍්‍රදීප් වෙත්තසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ මූලස්ථන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.පී.බී.විජේසිරි මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.
 
 සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ වැඩබලන මහෙස්ත‍්‍රාත් ශානිකා පෙරේරා මහත්මිය නියෝග කළාය.
 
 මෙලෙස රිමාන්ඞ් කරන ලද්දේ මැදිරිගිරිය දිවුලන්කඩවල පදිංචි ඞී. එස්. ජගත් කුමාර ජයතිලක හෙවත් අතුලගේ දොන් ජයතිලක (46* නමැත්තාය.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles