Divaina - පාසල් සිසුන් සඳහා අලෙවි කරන ලබන පන්දහසේ නෝට්ටුවල ඡායා පිටපත් එකට අලවා සූදුපොළට බොරු සල්ලි දැමූ තරුණයෝ දෙදෙනා මාට්ටු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


 
 අහංගම සුගතපාල දියගහගේ
 
5000 පාසල් සිසුන් සඳහා වෙළෙඳ සල්වල අලෙවි කරනු ලබන රුපියල් පන් දහසේ නෝට්ටුවල ඡායා පිටපත් එකට අලවා සූදු පිටියක ඔට්ටු අල්ලන ලද තරුණයින් දෙදෙනකු ඊයේ (13 දා) අලූ‍යම හිනිදුම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම ප‍්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.
 
 හිනිදුම පොලිස් වසමේ පනංගල ප‍්‍රදේශයේ මුදල් ඔට්ටුවට පවත්වාගෙන සූදු පිටියකට ගිය සැකකරුවන් දෙදෙනා ද සූදුවට වාඩිවී සිට ටික වේලාවකින් රුපියල් පන් දහසේ නෝට්ටුවක් පිටියට දමා ඔට්ටු අල්ලා ඇත.
 
 එහෙත් එහි සිටි පිරිස එය ව්‍යාජ නෝට්ටුවක් බව හඳුනාගෙන සැකකරුවන් දෙදෙනාට පහරදී පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා තිබේ. ඒ අනුව ජංගම මුර සංචාරක යෙදී සිටි පොලිස් නිලධාරී කණ්ඩායමක් පැමිණ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තවත් එවැනි නෝට්ටු දෙකක් ද තිබී සොයා ගෙන ඇත. (ඒ මොහොතේ සූදු පොළ තිබී නැත.*
 
 සැකකරුවන් මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles