Divaina - නාවික හමුදා ජීවිතාරක්ෂකයෝ මුහුදේ ගිලෙමින් සිටි විදේශිකයන් දෙදෙනකුගේ දිවි බේරා ගනිති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

help666
 
 නාවික හමුදා ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය විසින් පෙරේදා (12 වැනිදා* දෙවුන්දර, තලල්ල මුහුදේ
 
 ගිලෙමින් සිටි විදේශීය ජාතිකයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.
 
 විනෝද චාරිකාවක් සඳහා පැමිණ සිටි ‍විදේශීය ජාතිකයින් පිරිසක් දෙවුන්දර, තලල්ල මුහුදේ දිය නාමින් සිටියදී එම පිරිස අතර සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනකු සැඩ පහරට හසුවී දියේ ගසාගෙන ගොස් ඇත.
 
 එහිදී දෙවුන්දර දෙවාලයේ මංගල්‍යට සහභාගිවන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා සිටි නාවික හමුදා ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය විසින් කඩිනමින් ක‍්‍රියාත්මකවී එම පුද්ගලයින් නිරුපද්‍රිත ලෙස බේරා ගෙන ගොඩබිම වෙත රැුගෙන ඒමට කටයුතු කර තිබේ.
 ‍බේරා ගත් විදේශිකයන් දෙදෙනා වයස අවුරුදු 28 සහ 47 වන වියෙහි පසුවන රුසියානු ජාතිකයන් දෙදෙනකු බව හඳුනාගෙන ඇත.
 
 දිවයින වටා වූ වෙරළ තීරය සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් හා ගංගාවල සුන්දරත්වය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදා ජිවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවීමට ද නාවික හමුදාව මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත.
 
 සංස්කරණය - සමන් ගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles