Divaina - පස්කඳු කඩාවැටීමේ අවදානම නිසා මස්කෙළිය ශ‍්‍රී පාද නල්ලතන්නිය පාරේ රිය ධාවනය ප‍්‍රවේශමෙන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

re7 3- පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි

- මස්කෙළිය ශ‍්‍රී පාද නල්ලතන්නිය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ (12 දා) මධ්‍යහ්න 12 සිට පස්වරු 2 දක්වා පැය දෙකක කාලයක් ඇනහිට තිබූ බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.

මස්කෙළිය නල්ලතන්නිය ප‍්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මෝහිණි ඇල්ල ප‍්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එම මාර්ගය ප‍්‍රතිසංස්කරණය කරන ස්ථානය අසල පස් කන්දක් ද මෙසේ කඩා වැටීමට ලක් වී ඇත.

තවදුරටත් එම ස්ථානයේ පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින නිසා එම ස්ථානය අසලින් රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස නල්ලතන්නිය පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසීය.

ඡායාරූප හා සටහන - නුවරඑළිය නාලක රත්නායක

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles