කිළිනොච්චියේ, මරදන්කුලම කුඹුරු යායේ ගොවීන් දෙපිරිසක් අතර 11 දා කුඹුරේදී ඇති වූ ගැටුමක් හේතුවෙන් තුන්දෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
කුඹුරු යායේ අස්වැන්න නෙළීමේදී ගොවි සංවිධාන සියල්ල විසින් එක්ව ගන්නා ලද තීරණයක් වෙනස් කිරීම නිසා ඇතිවූ ගැටලූවක් දුරදිග යෑමෙන් මෙම ගැටුම හට ගෙන තිබේ.
ගැටුම හටගත් අවස්ථාවේදී කුඹුරේ සිටි කාන්තාවන් ද මේ ගැටුමට මැදිහත් වී ඇති අතර ගුටි බැට හුවමාරු කරගත් පිරිස කුඹුරේ තිබූ ලී මුගුරු රැුගෙන විත් එක පිරිසකට දුවන තුරු පහර දී තිබේ. කිළිනොච්චිය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
දිනසේන රතුගමගේ