Divaina - මව බේරීමට ගොස් පියාගේ පොලූ පහරින් පුතා මරුට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

දෙමාපිය ආරවුලක් බේරීමට ඉදිරිපත් වූ අවුරුදු 17 ක තරුණ පුතෙකු පියාගේ පොලූ පහරකට ලක්වී රත්නපුර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (12 දා) උදෑසන ජීවිතක්ෂයට පත්වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ බලන්ගොඩ උඩුමුල්ල ප‍්‍රදේශයේ විසූ ඩබ්ලිව්. ඒ. නවීන් ධනංජය ජයරත්න නමැති අයෙකි. මොහුගේ නිවසේදී පියා හා මව අතර බහින්බස්වීමක් සිදුවී ඇත්තේ ඉකුත් 5 දාය. එය සංසිඳවීමට ඉදිරිපත් වූ පුතුට පියා විසින් මවට එල්ල කරන ලද පොලූ පහර වැදී බරපතළ තුවාල සිදු විය. එහෙත් මොහු රෝහල්ගත නොකර දිනක් නිවසේ තබාගෙන සිට පසුව බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ නිවසට ආ උගුඩුවකුට එල්ල කළ පොලූ පහර පුතාට වැදුණු බවට සඳහන් කරමිනි. එහෙත් පොලිස් පරීක්ෂණවලදී සත්‍ය අනාවරණය වූ පසු සැකකාර පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

බලන්ගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පො. ප. ලෝරන්ස් ප‍්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.

බලන්ගොඩ - එන්. එච්. පියසේන
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles