Divaina - විහිළුව දුරදිග යයි පහරදීමකින් සැලෝන් කළමණාකරු මියයයි - සැකපිට අටක් දැලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

කොම්පඤ්ඤවීදිය, මුත්තයියා පාරේදී ඊයේ (12 වැනිදා) අලූයම 12.30 ට පමණ සිදුවූ පහරදීමකින් රූපාලාවන්‍යාගාරයක කළමනාකරුවකු මරුමුවට පත් වී ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තරුණයන් පස්දෙනකු ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ පයාගල, රාගල වෙල, හල්කඳවිල පදිංචිව සිටි නිමල් අනගි අත්තගේ නමැති 47 හැවිරිදි අයෙකි.

ඝාතනයට ලක්වූ අය කොම්පඤ්ඤවීදිය ස්ටැපල් වීදිය ප‍්‍රදේශයේ සැලූන් ආයතනයක කළමනාකරුවකු වශයෙන් සේවය කරමින් සිටියේය. ඔහු තම මිතුරියක් සමඟ මෝදර ප‍්‍රදේශයේ සිට ඊයේ (12 දා) මධ්‍යම රාති‍්‍ර 12.30 ට පමණ ති‍්‍රරෝද රථයකින් තම ස්ටැපල් වීදියේ සැලූන් ආයතනය අසලට පැමිණ ඇත. ඒ අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් ගත් තරුණයන් 5 දෙනකු මරණකරුගේ මිතුරියට උසුළු විසුළු කර තිබේ. එහිදී මරණකරු හා තරුණයන් පස්දෙනා අතර බහින්බස්වීමක් සිදුවී තිබේ. පසුව තරුණයන් පස්දෙනා මෙම පුද්ගලයාට පහරදී මුත්තයියා පාර ප‍්‍රදේශයට දිව ගොස් තිබේ.

පසුව තම මිතුරිය ද සමඟ ඔහු ඔවුන් පැමිණි ති‍්‍රරෝද රථයෙන්ම තරුණයන් පසුපස පන්නා තිබේ. එහිදී ඔහු හා තරුණයන් අතර නැවතත් ගැටුමක් ඇති වී ඇති අතර, එහිදී තරුණයන් පිරිස කළ පහරදීමකින් සැලූන් කළමනාකරු මරුමුවට පත් වී තිබේ.

සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කොම්පඤ්ඤවීදිය, පොල්ගස් ඕවිට හා මහනුවර යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 17 ත් 24 ත් අතර වයසේ පසුවන්නන් වේ.

සියලූ සැකකරුවන් කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මේ පිළිබඳව කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කේ. සී. සී. කළුආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles