Divaina - වැඩක් කළ හැකි කෙනකුට සහාය දෙනවා- ඇමැති අර්ජුන කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p1 5ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය හිමි වන්නේ වැඩක් කළ හැකි පුද්ගලයකුට පමණක් බව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය දෙන්නේ කාටදැයි තවම තීරණයක් ගෙන නැති බව පවසන අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේ කුමන පක්‍ෂයක වුවත් පුද්ගලයාගේ වැඩ කිරීමේ හැකියාව මත ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහාය දීම පිළිබඳව තීරණය කරන බවයි.

‘‘එක්සත් ජාතික පක්‍ෂය හිතනවා තමන්ට තනියම ගිහින් ඉල්ලන්න පුළුවන් කියලා. නමුත් ඒක හීනයක් විතරයි. සන්ධානයක් සමග එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියට ගියොත් ඔවුන්ට ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කරන්න පුළුවන්. අද තනියම යමු කියන එක්සත් ජාතික පක්‍ෂයේ සමහර අයට එදා ජයග‍්‍රහණය කළේ කොහොමද කියලා මතක නැහැ.

ආයේ ඒක තේරෙන්නේ තනියම ගිහිල්ලා ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජය වුණොත් විතරයි. නමුත් ජනාධිපතිවරණයට එන්නේ කවුද කියන එක එක්සත් ජාතික පක්‍ෂය තීරණය කළ යුතුයි...’’යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ මවුරට සංවිධානය ඉදිරිපත් කළ සබුද්ධි - සාහිත්‍ය කලා අධ්‍යයන කේන්ද්‍රයේ දෙවැනි වැඩසටහනට පෙරේදා (11 දා) එක්වෙමිනි. එය යක්කල ඇසළ හෝටල් ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

අකිත පෙරේරා
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles