Divaina - පුපුරැස්ස පොලිසිය විවෘත කිරීමේ උත්සවයේදී දිමුට කතාවක් නොදී ‘ජරමරයක්’

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p2 1ගම්පොළ, පුපුරැස්ස නව පොලිස් ස්ථානය විවෘත කිරීම ඊයේ (12 දා* සිදුකළ අතර එම උත්සව අවස්ථාවේදී හිටපු අග‍්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාට කතාවක් කිරීමට අවස්ථාවක් ලබා නොදීම නිසා ඒ මහතා මහජනයා අතරට විත් මෙම පොලිස් ස්ථානය ඉදිකිරීමට ඉඩම දුන්නේ තමා බව පවසා දේශපාලන වැඩවලට යටත් නොවන ලෙස කියමින් කතාවක් පැවැත්වීමත් සමඟ රැුස්ව සිටි පිරිස ජයරත්න මහතාට සහාය පළ කිරීම නිසා එම උත්සවය අවසානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

නව පොලිස් ස්ථාන පිහිටුවීමේ රාජ්‍ය ප‍්‍රතිපත්ති අනුව ගම්පොළ කොට්ඨාසයේ පුපුරැුස්ස නව පොලිස් ස්ථානය විවෘත කිරීම සිදුවිය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පොලිසිය විවෘත කිරීම සඳහා සියලූ කටයුතු සූදානම් කර තිබුණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට රාජ්‍ය ව්‍යවසාය හා උඩරට සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල හා හිටපු අග‍්‍රාමාත්‍ය දි. මු. ජයරත්න යන මහත්වරු සහභාගි වී සිටියහ.

මෙහිදී සභාව ඇමතීම ආණ්ඩුකාරවරයා හා කිරිඇල්ල අමාත්‍යවරයා සිදුකළ අතර හිටපු අග‍්‍රාමාත්‍යවරයාට එහිදී කතාවක් ලබාදී නොතිබුණි.

මෙහිදී නැගී සිටි දි. මු. ජයරත්න මහතා මහජනයා අතරට විත් වේගයෙන් ජනතාව ආමන්ත‍්‍රණය කළ අතර ප‍්‍රදේශවාසී ජනතාව ද ජයරත්න මහතාට සහාය පළ කළහ. මෙහිදී හිටපු අග‍්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

”මම අවුරුදු 72 ක් දේශපාලනයේ ඉන්න කෙනෙක්. මේ ප‍්‍රදේශයේ ජනතාව අද මහ පෙළොවේ අඩිය ගහලා ඉන්නේ මම නිසයි. මේ පැත්තේ තිබුණේ ගෙවල් 12 යි. මේ සියලූ වතු පිටරට අයට අයිතිව තිබුණේ. නමුත් මේ මහ පෙළොව මේ ජනතාවට මම අයිතිකරලා දුන්නේ ධෛර්යයෙන් හා ශක්තියෙන්.

මම මෙතැනට ආවේ ඡුන්දෙ ඉල්ලන්න නෙවෙයි. අද මේ අය ඡුන්දය බලාගෙන මේ වැඩ කරන්නේ. මිනිස්සු රවටනවා. ඡුන්දය ලබාගන්න උපක‍්‍රම යොදනවා. සියලූ දේම දේශපාලනයට

යොදාගන්න වුවමනාවක් නෑ. අද මිනිස්සු මරාගන්න කොටාගන්න තත්ත්වයක් උදවෙලා තියෙන්නේ මේ දේශපාලනය නිසා.

ආගම් හතරම එකතැන හදපු ලෝකෙම එකම මිනිසා මමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඒ බව පිළිගත්තා. ඒ නිසා මට ආගම්, ජාති, කුල භේද කිසිවක් නෑ. ඡුන්දෙ දාන හැටි එක එක කෙනා එක එක විදිහට කියයි. ඒවා හොඳට අහගෙන අත්පුඩි ගහන්න. ඒත් බුද්ධිමත්ව හිතලා කතිරේ ගහනකොට හරි කෙනාට ගහන්න. අපට අපේ දරුවන්ට හොඳ අනාගතයක් උදාකරලා දෙයි කියන කෙනාට ඡුන්දය දෙන්න. අනෙක් කෙනාට පස්ස හරවන්න.”

මෙහිදී රැස්ව සිටි පිරිස ද අදහස් දක්වමින් කියා සිටියේ පොලිසිය හදන්න ඉඩම පමණක් නොවේ මේ ගම්මාන පවා හදපු හිටපු අග‍්‍රාමාත්‍යවරයාට කතාවක් නොදී නොසලකා හැරීම සාධාරණ නොවන බවයි.

ගම්පොළ - සුරංග දිල්හාන්

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles