Divaina - සිව්දරු දෙමාපියන්ගෙන් කාරුණික ඉල්ලීමක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p19 2මොනරාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලවැල්ආරගම පදිංචි සමීර හා දමයන්ති දරුවන් සිව් දෙනෙකුගේ දෙමාපියන්ය. වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු හයකි. පළමු වසරේ ඉගෙනුම ලබයි. පෙර පාසලේ ඉගෙනුම ලබන දෙවන දරුවාගේ වයස අවුරුදු හතරකි. ඊළඟ දරුවන් දෙදෙනා මාස දෙකක් වයසැති නිවුන් දරුවන්ය.

ඔවුන් ජීවත් වන්නේ අඩි දහයයි දහයේ පුංචි පැල්පතකය. සමීරට ස්ථිර ආදායම් මාර්ගයක් නැත. ඉඳහිට ලැබෙන කුලී වැඩකින් ලැබෙන සොච්චම් මුදලින් බිරිඳ හා දරුවන් හතරදෙනා ජීවත් කරවීම සමීරට ඉතාමත් අසීරු කාර්යයකි. කුඩා නිවසක් සාදා ගැනීමට මීට වසරකට පමණ ඉහතදී අත්තිවාරම් දමා ඇතත් එය අත්තිවාරමට සීමාවී ඇත. දරුවන් දෙදෙනෙකුට නොව එක් දරුවෙකුට පවා දීමට තරම් ප‍්‍රමාණවත් මව්කිරි දමයන්තිට නැත.

ඉදිරියට එන වැසි සමයේ මෙම පැල්පත තුළ දරු පවුලට ජීවත්වීම ඉතාම අසීරුය.

සමීර හා දමයන්ති කාරුණික හදවත් ඇත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ තම දරුවන් හදාගැනීමට, නිවස ඉදිකර ගැනීමට උදව් උපකාර කරන ලෙසය.

ඒ. එම්. සමීර සම්පත්, කලවැල්ආරගම, කුඹුක්කන, මොනරාගල ඔවුන්ගේ ලිපිනයයි.

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles