Divaina - යකඩ පොල්ලකින් පහරදී මල්ලීව මරා දැමූ අයියා රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

manchu1- සැකකරුට රැකවරණ දුන් අයකුත් රක්ෂිත භාරයට

යකඩ පොල්ලකින් 81 පළකට පහරදී තම මල්ලී මරා දැමූ පුද්ගලයකු සහ එම සැකකරු පිළිබඳව තොරතුරු ලබා නොදී ඔහුට රැුකවරණය සහ ආරක්ෂාව ලබාදුන් බව පැවසෙන තවත් අයකු අගෝස්තු 5 වන දින තෙක් රිමාන්ඞ් භාරයට පත් කිරීමටත් 1 වන (ඝාතන) සැකකරු රත්නපුර රෝහලේ මානසික වෛiවරයා හමුවට යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසටත් රත්නපුර මහෙස්ත‍්‍රාත් ජනිතා රෝෂණි පෙරේරා මහත්මිය 22 දා නියෝග කළාය.

එසේ රිමාන්ඞ් භාරයට පත්වූයේ රත්නපුර රත්නහංගමුවේ පදිංචි ඉසංක සනත් කුමාර සහ මුණිරත්න පතිරණගේ චමින්ද රත්නසිරි නමැත්තන්ය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මනෝදර ආචාරිගේ අතුල පුෂ්ප කුමාර (24) නමැති අවිවාහක පුද්ගලයෙකි. ඉකුත් 20 වැනි දින රාති‍්‍ර 12.00 ට පමණ ඝාතනය සිදුවී ඇති බව රත්නපුර පොලිසිය වාර්තා කර ඇත. සිද්ධියට ආසන්නම හේතුව වී ඇත්තේ මියගිය පුද්ගලයා තම ලොකු අයියා වන 1 වන සැකකරුගේ වෑල්ඩින් වෘත්තියට අදාළ ඉතා වටිනා සියලූම කාර්මික උපකරණ සහ ඇඳුම් පැළඳුම් ආදිය කාමරයකට ගොඩ ගසා ඒ සියල්ලම ගිනිබත් කිරීම බවත් වසර ගණනාවක් තිස්සේම මියගිය පුද්ගලයා බීමත්ව පැමිණ සැකකරු ඇතුළු පවුලේ සහෝදරයන්ට බලවත් ලෙස හිරිහැර කරදර කළ අයකු බවත් පොලිසිය හෙළිදරව් කරගෙන ඇත.

රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේසිරි, උප පොලිස් පරීක්ෂකවරුන් වන සංජීව, ජයතිලක සහ සැරයන්වරුන් වන (16920) විජේරත්න, (38110) ජයසිංහ සහ කොස්තාපල් (67325) බණ්ඩාර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

රත්නපුර විශේෂ - තිලකසිරි දෑල බණ්ඩාර , නිවිතිගල - ධර්මසිරි ජයවර්ධන, රත්නපුර - අසිත ඉන්දික වීරවර්ධන

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles