Divaina - ප‍්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් සමුගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p1 2ප‍්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක, ගේය පද රචිකාවියක මෙන්ම ප‍්‍රවීණ ගුවන්විදුලි නාට්‍ය ශිල්පිණියකද වූ කුසුම් පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වූවාය.

මියයන විට 71 වැනි වියේ පසුවූ කුසුම් පීරිස් මහත්මිය 60 දශකයේ දී ළමා පිටියේ ළමා ශිල්පිණියක ලෙස ගුවන් විදුලියට එක්වූවාය.

1972 දී ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහන නිවේදිකාවක ලෙස සේවයට එක්වූ ඇය 1986 දී ස්ථිර නිවේදිකාවක් බවට පත්වූවාය. තමන්ටම ආවේණික හඬ පෞරුෂයකින් සිය ශ‍්‍රාවකයන්ට ආමන්ත‍්‍රණය කළ ඇය ‘‘පිණිමුතු පලස’’, ‘‘පහන් පියස’’ කාන්තා වැඩසටහන, අසන්නන්ගේ ඉල්ලීම්, භාරත ගීත රාවය, මධුරසාංග, එතෙර ඉසුර ඇතුළු තවත් ගුවන්විදුලි වැඩසටහන් රාශියක් ඉදිරිපත් කරමින් සිය හැකියාව විදහා පෑවාය.

ප‍්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක ද වූ ඇය සුගතපාල ද සිල්වා මහතාගේ ‘‘ගුවන් විදුලි රඟමඬල’’ හි විවිධ චරිත නිරූපණය කළාය. මීට අමතරව ‘‘මුවන්පැලැස්ස’’ ‘‘ලතාගේ කතාව’’, ‘‘මොණරතැන්න’’ ගුවන්විදුලි ඓතිහාසික නාට්‍ය, බෞද්ධ නාට්‍ය ඇතුළු ගුවන්විදුලි නාට්‍ය රැුසක නාට්‍ය ශිල්පිනියක ලෙස ද කුසුම් පීරිස් මහත්මිය කටයුතු කළාය.

එසේම, ඇය ගේය පද රචිකාවියක ද වූවාය. යමුනා විනෝදනී ගායනා කරන ‘‘අසුරු සැණින් එක මොහොතකදී’’ බණ්ඩාර අතාවුද ගායනා කරන ‘‘සිහිනයකි ඔබ නිහඬ මැදියම් ?’’ විශාරද එඞ්වඞ් ජයකොඩි ගායනා කරන ‘‘ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ’’, බණ්ඩාර අතාවුද ගායනා කරන ‘‘සිතුවිලි සිරවී හදවත පතුලේ’’, දයාරත්න පෙරේරා ගායනා කරන ‘‘දිගු නෙත් හසරැල්ලේ’’, අබේවර්ධන බාලසූරිය හා නිරංජලා සරෝජනී ගායනා කරන ‘‘නිසංසලේ මා තනියෙන්’’ ඇතුළු තවත් ජනපි‍්‍රය ගීත රැුසක් ඇය අතින් ලියැවී තිබේ. කුසුම් පීරිස් මහත්මිය ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

මාස 6 ක පමණ කාලයක් හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳි ඇය පෙරේදා (21 වැනිදා) රාති‍්‍ර රෝගී තත්ත්වය අසාධ්‍ය වූ බැවින් රෝහල කරා රැගෙන යන අතරතුර අභාවප‍්‍රාප්ත වූ බව ඇගේ ඥාතීහු ‘දිවයින’ට පැවසූහ.

ඇයගේ දේහය මේ වන විට කඩවත, ඇල්දෙණිය, ස්වර්ණ පෙදෙස, අංක 47/1 දරන නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු (24 වැනිදා) සවස 4.00 ට සිදුකිරීමට නියමිතය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles