Divaina - බුත්තලු සත්පොරුව වෙහෙර නිධන් හොරු කඩති - තවම කිසිවකු අත් අඩංගුවට ගෙන නෑ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p12 1මොනරාගල බුත්තල ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත්බුත්තල කතරගම ප‍්‍රධාන මා්රගයේ පිහිටා ඇති සත් පොරුව පුරාණ රජමහා විහරස්ථානයේ ෙඓතිහාසික විහාරය කඩා නිදන් සොරාගෙන ගොස් ඇත.

මෙම විහාරය දේවන්පිය තිස්ස රජු සමයේ ඉදිකළ ඉතා පැරණි විහාරස්ථානයක් වන අතර මෙම විහාරයේ ජය ශී‍්‍රි මහා බෝධින් වහන්සේගේ දෙතිස් ඵල බෝධින් වහන්සේ නමක් වැඩසිටින බවත් එය වැඳ පුදා ගැනීම සඳහා විශාල පිරිසක් මෙම විහාරස්ථානයට පැමිනෙන බව විහාරාධිපති හිමියන් පවසයි.

මීට මාස 05 පමණ පෙර අසල නිවසක සිටි බල්ලන් 07 දෙනකු එකම දවසේ වස දමා මරා දමා තිබූ බව ප‍්‍රදේශවාසීන් පවසයි.

මෙම විහාරයේ භික්ෂුන් වහන්සේලා දෙනමක් වැඩ සිටිය ද විහාරයේ නිදන් කැඞීම ගැන දැන නොසිටි ඇති අතර ගම්වාසීන් මෙම සිද්ධිය දැක විහාරාධිපති හිමියන්ට දැනුම් දීමෙන් අනතුරුව විහාරාධිපති හිමියන් විසින් පොලිසියට දැනුම් දී ඇත.

මොනරාගල නයන ඉහල ගෙදර

 

 

p12 2
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles