Divaina - රත්නපුර නාගරික මන්තී‍්‍ර දෙපළට නගර සභා සේවකයෝ පහර දෙති - එක් සැකකරුවෙක් අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

fightකුරුවිට මලව ප‍්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වූ රත්නපුර ප‍්‍රදේශයේ පුංචි පාර්ලිමේන්තුවක මන්තී‍්‍රවරු දෙපළකට තවත් පුද්ගලයන් දෙදෙනකු විසින් එල්ල කළ දරුණු පහර දීමකින් එම මන්තී‍්‍රවරු දෙදෙනා තුවාල ලබා තිබෙන බව කුරුවිට පොලිසිය පවසයි.

අසාධ්‍ය තත්ත්වයේ පසු වූ එක් මන්තී‍්‍රවරයකු රත්නපුර මහ රෝහල වෙත යොමු කළ අතර ඔහු මේ වනවිටත් එම රෝහලේ 7 වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.

පහරදීම නිසා මෙසේ තුවාල ලබා ඇත්තේ රත්නපුර මහ නගර සභාවේ බටුගෙදර වසම නියෝජනය කරන නීති ශිෂ්‍ය චමිල් කති‍්‍රආරච්චි හා හිදැල්ලන වසම නියෝජනය කරන විනි අතුකෝරළ යන මන්තී‍්‍රවරු දෙපළය. ඔවුන් දෙදෙනාම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්තී‍්‍රවරු වීම විශේෂත්වයකි.

කුරුවිට පොලිසිය පවසන්නේ පහරදුන් පුද්ගලයන් දෙදෙනා එම මන්තී‍්‍රවරු දෙදෙනාම දන්නා හඳුනන රත්නපුර මහ නගර සභාවේ සේවකයන් බවය.

මංගල සාදය පැවැති උත්සව ශාලාව තුළම තවත් ස්ථානයක රැුඳී සිටි මෙම මන්තී‍්‍රවරු අසලට සිද්ධියට සම්බන්ධ අය පැමිණ කතාබහක නිරත වෙමින් සිටියදී යම් කරුණක් සම්බන්ධයෙන් ඇති වූ මතබේදයක් දුරදිගම යෑම නිසා පහරදීම සිදු වී තිබෙන බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළි වී තිබේ.

සිද්ධියෙන් පසු විනි අතුකෝරළ මන්තී‍්‍රවරයා කුරුවිට පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙන අතර දැනට බරපතළ ලෙස තුවාල ලබා රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන චමිල් කති‍්‍රආරච්චි මහතාගෙන් ද රෝහල වෙත පැමිණ කුරුවිට පොලිසිය ප‍්‍රකාශයක් සටහන් කොට ගෙන ඇත.

මන්තී‍්‍රවරුන් දෙපළට පහරදුන් දෙදෙනාගෙන් එක් අයෙක් කුරුවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අනිත් අය පොලිසිය වෙත භාර වීමට නියමිත බව පොලිසිය පවසයි. කුරුවිට පොලිසිය පරීක්ෂණ සිදුකරන අතර රත්නපුර මහ නගර සභාව මගින් ද පරීක්ෂණයක් සිදුකරයි.

රත්නපුර - යූ. අසිත ඉන්දික වීරවර්ධන

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles