Divaina - සංඥා පද්ධතියක්‌ නැති වීමෙන් යකඩ යකා පුලියන්කුලමේදී තෙවැනි බිල්ලත් ගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new


 
 දිනසේන රතුගමගේ, මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්
 
boysee වවුනියාව පුලියන්කුලම පුතූර් දුම්රිය හරස්‌ මාර්ගයේදී දුම්රියක ගැටීම නිසා තුවාල ලබා වවුනියාව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා 11 දා සවස මියගොස්‌ තිබේ.
 
 මොහු මේ අනතුරට ලක්‌වූයේ 10 දා සවස 3.45 ට පමණය. ඒ යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙනි.
 
 පුතූර් ගම්මානයේ පදිංචි දහඅට හැවිරිදි ඉලංගනාදන් නර්මතන් නමැති මේ තරුණයා යතුරුපැදියෙන් නිවස වෙත යමින් සිටියදී දුම්රිය හරස්‌ මාර්ගයේදී දුම්රියේ ගැටී තිබේ.
 
 මීට මාස කීපයකට ඉහතදී මේ ස්‌ථානයේදී යතුරුපැදියකින් ගමන් කළ තරුණයන් දෙදෙනකු දුම්රියක ගැටීම නිසා එම තරුණයන් දෙදෙනා ඒ ස්‌ථානයේදීම මියගොස්‌ තිබිණි.
 
 වවුනියාව පුලියන්කුලම පුතූර් දුම්රිය හරස්‌ මාර්ගය අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගයකි.
 
 මේ ස්‌ථානයට දුම්රියක්‌ පැමිණෙන බව හැඟවෙන නළා පද්ධතියක්‌ සහිත ආලෝක සංඥ පද්ධතියක්‌ ලබාදෙන මෙන් ප්‍රදේශවාසීන් අවස්‌ථා කීපයකදීම දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලා ඇතත් මේ දක්‌වා ඔවුන්ගේ ඉල්ලීම සාර්ථක වී නොමැත.
 
 පුලියන්කුලම පොලිසිය මෙම අනතුර පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles