Divaina - රජයට ලැබිය යුතු කෝටි ගණනක්‌ පිල්ලි ගැසූ 'රට කෝල් චීනාට' ඇප නෑ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new


 
 මීගමුව සමූහ - විමල් කීර්ති
 
 විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කර රජයට ලැබිය යුතු රුපි යල් කෝටි ගණනක මුදලක්‌ අහිමි කරමින් මීගමුව සංචාරකපුරයේ රහසිගතව මහා පරිමාණයෙන් ජාත්‍යන්තර දුරකතන පණිවුඩ හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය කෝටිපති චීන ජාතිකයා සහ ඔහුගේ සගයන් දෙදෙනාට ඇප ලබාදීම මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රජින්ද්‍රd ජයසූරිය මහත්මිය විසින් ප්‍රතික්‍ෂේප කළාය.
 
 මෙහි පැමිණිල්ල මෙහෙය වූ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මෙතෙක්‌ අවසන් කර නොමැති බවට ඉදිරිපත් කළ කරුණු අනුව සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය සැකකරුවන් ජුලි මස 25 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. මෙම සැකකරුවන් මාසයකට අධික කාලයක සිට රිමාන්ඩ් භාරයේ පසුවෙයි.
 
 මෙහි සැකකරුවන් වූයේ මීගමුව සංචාරකපුරය ඒත්තුකාල ශාන්ත සිල්වෙස්‌ටර් පාරේ මාසිකව රුපියල් ලක්‍ෂ හතරක කුලී පදනම මත දෙමහල් සුපිරි ගොඩනැඟිල්ලක ජාත්‍යන්තර දුරකථන පණිවුඩ මධ්‍යස්‌ථානයක්‌ පවත්වා ගෙන ගිය චීන ජාතික "මින්ටෙක්‌ වින්ග්" සහ මීගමුවේ පදිංචිකරුවන් වන යෝගරාසා රගුරාම් හා ත්‍යාගරාජා රජීව් නමැත්තන්ය. මෙම වැටලීම සිදු කරනු ලැබුවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය විසිනි.
 
 එහිදී ඇපල් ජංගම දුරකථන 403 ක්‌, විදුලි ආරෝපණ කට්‌ටල 400 ක්‌, රවුටර්, දේශීය සහ විදේශීය සිම් කාඩ්පත් 16,500 ක්‌ සමග සන්නිවේදන ක්‍ෂේත්‍රයට අදාළ උපකරණ රැසක්‌ එහි තිබූ බංකරයක්‌ තුළ සඟවා තිබිය දී අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙහිදී කෝටිපති චීන ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා චීන ජාතිකයාට ඕනෑම කොන්දේසියක්‌ මත ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ල මෙහෙය වීය. විත්තිය වෙනුවෙන් නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ප්‍රි කුරේ යන මහත්වරු පෙනීS සිටියහ.

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles