Divaina - ලංකාවේ මුළු මධ්‍යසාර භාවිතයෙන් නීතිවිරෝධී ඒවා තියෙන්නේ සියයට 10කට අඩු ප්‍රමාණයක්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

 - මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්‌ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්‌ෂ පුබුදු සුමනසේකර
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 pubudu135මුළු මධ්‍යසාර භාවිතයෙන් මේ නීති විරෝධි ඒවා ලංකාවේ තියෙන්නේ සියයට 10 කට වඩා අඩු ප්‍රමාණයක්‌ බවත් මේ නිසා වැඩිම පිරිසක්‌ අතරේ භාවිතයට තියෙන්නේ ඇත්තටම නීත්‍යනුකූල මධ්‍යසාර වර්ග බවත් සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් ස්‌ථාපිත කළ බෞද්ධ හිමිකම් කොමිෂන් සභාව හමුවේ සාක්‌ෂි දෙමින් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්‌ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්‌ෂ පුබුදු සුමනසේකර මහතා පැවසීය.
 
 ඇම්. කේ. බී. දිසානායක, හිටපු මිනුම්පති මයිකල් ද සිල්වා , ආචාර්ය හර්ෂ විඡේවර්ධන සහ චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ යන කොමසාරිස්‌වරුන් හමුවේ පසුගියදා සාක්‌ෂි විභාගය පැවැත්විණි.
 
 මධ්‍යසාරවල තියෙන ස්‌වභාවය තමයි අපේ රටේ මේ නීත්‍යනුකූල මධ්‍යසාරවලට අමතරව මේ නීති විරෝධි මධ්‍යසාර තිබෙනවා. නීතිවිරෝධි මත්පැන් විවිධ නම්වලින් හඳුන්වනවා. කසිප්පු කියන විදිහට සාමාන්‍ය භාෂාවේ හඳුන්වන නිෂ්පාදනත් තිබෙනවා. බියර් සමාගම් සහ නීත්‍යානුකූල අරක්‌කු සමාගම් මේ කසිප්පු භාවිතය පිළිබඳ අතිශයෝක්‌තියෙන් කතා කරනවා. ඒකට හේතුව ඒගොල්ලෝ ඒකෙන් ලොකු වාසියක්‌ ගන්න බලාපොරොත්තු වෙනවා .මේ බියර් සහ අරක්‌කු ව්‍යාප්තිය මදවීම, බියර් සහ අරක්‌කුවල මිල වැඩිවීම සහ ඒවා මිනිස්‌සුන්ට ලබාගැනීම තියෙන දුෂ්කරතා මත නීතිවිරෝධි ඒවා ලංකාවේ වැඩිවෙලා තියෙනවා කියලා මතයක්‌ පතුරුවාගෙන යනවා. නමුත් කරන ලද සියලු සමීක්‌ෂණ අනුව මුළු මධ්‍යසාර භාවිතයෙන් මේ නීති විරෝධි කියන ඒවා ලංකාවේ තියෙන්නේ සියයට 10 කටත් වඩා අඩු ප්‍රමාණයක්‌.

එතකොට වැඩිම පිරිසක්‌ අතරේ භාවිතයට තියෙන්නේ ඇත්තටම නීත්‍යානුකූල මධ්‍යසාර වර්ගයි. මේ මධ්‍යසාර ඇරුණාම අනෙත් එක තමයි මේ මාතෘකාව තුළ ඇහෙන, ජන ජීවිතයට ඉතා දැවැන්ත ලෙස බලපාන මත්ද්‍රව්‍ය කියන අපි හඳුන්වන වචනය. මේකේදි අපිට පේන්න තියෙනවා දැන් සාමාන්‍ය ව්‍යවහාරය ගත්තාම, මධ්‍යසාර හා සිගරට්‌ එක්‌කෝ දුම්කොළ නිෂ්පාදන, මධ්‍යසාර නිෂ්පාදන හැරුනාම ඉතුරු ඒවා සාමාන්‍යයෙන් කියන්නේ මත්ද්‍රව්‍ය කියලා. දැන් නම්වලින් ගත්තොත් අපි හො¹කාරවම දන්නවා හෙරොයින් කියලා මත්ද්‍රව්‍යයක්‌ ලංකාවේ තියෙනවා. ඊට අමතරව පසුගිය වකවානුව තුළ කාලයක්‌ යටපත්වෙලා තිබිලා නමුත් වෙන විදිහකට ප්‍රචලිත වෙනවාදෝ කියලා අපට සැකයක්‌ තියෙනවා එක්‌කෝ ප්‍රචලිත කරවනවාද කියලා. මේ ගංජා කියන ද්‍රව්‍ය සම්බන්ධයෙන්. එතකොට හෙරොයින් සහ ගංජා තමයි අපට බහුල වශයෙන් ලංකාවේ අනෙකුත් මත්ද්‍රව්‍යවලට හමුවෙන්නේ. ඊට අමතරව ඔය වරින් වර වාර්තා වෙන මත්පෙති වර්ග තියෙනවා සහ බටහිර ඖෂධ සමහර දේවල් අවභාවිතයක්‌ කරනවා ඒකත් මත්ද්‍රව්‍ය භාවිතයක්‌ හැටියට සාමාන්‍යයෙන් ඔය මාධ්‍යවල හඳුන්වනවා. මේවායේ තියෙන මේ ව්‍යාප්තිය සහ භාවිතය අති දැවැන්ත ආර්ථික ප්‍රශ්නයක්‌.
 

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles