Divaina - මුලතිව් ගුරුකන්ද විහාරයේ සියලු සංවර්ධන කටයුතු අත්හිටුවීමට නියෝග

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new


 
 මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්
 
 gurukanda135මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්‌ථානයට පිරිසක්‌ බලහත්කාරයෙන් ඇතුළුවී එහි විහාරාධිපති හිමියන්ට බැණ තර්ජනය කරමින් සාමය කඩ වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ මුලතිව් අධිකරණයේ මහෙස්‌ත්‍රාත් එස්‌. ලෙනින් කුමාර් මහතා විසින් 2019.05.06 දින ලබා දුන් නියෝග බල රහිත කරමින් වවුනියාව උතුරු පළාත් මහාධිකරණ විනිසුරු ආර්. කන්නන් මහතා විසින් අතුරු නියෝගයක්‌ (10 වැනිදා) නඩුව කැඳවූ අවස්‌ථාවේදී ලබාදී තිබේ.
 
 එහිදී මුලතිව් මහෙස්‌ත්‍රාත්වරයා එහි ඇති ගණපති දේවාලය කෝවිලක්‌ ලෙස පවත්වාගෙන යැම එහි පුද පූජා පවත්වා ගෙන යැමට ඉඩ ලබාදීම රටේ පවතින නීතියට අනුව එම කෝවිලේ සංවර්ධන කටයුතු සිදු කිරීමට ඉඩ ලබා දෙමින් මුලතිව් මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් ලබාදී තිබූ නියෝග බල රහිත කරමින් උතුරු පළාත් මහාධිකරණය විසින් මෙම නියෝග ලබාදී තිබේ.
 
 ඒ අනුව මෙම නඩුව අවසන් වන තුරු විහාරයේ හෝ එහි ඇති දේවාලයේ සංවර්ධන කටයුතු අත් හිටුවන ලෙසට උතුරු පළාත් මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී.
 
 මෙහිදී එම නඩුවේ වගඋත්තරකාර පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කරමින් නීතිඥ රෝහණ තල්පාවිල මහතාගේ උපදෙස්‌ මත ජනාධිපති නීතිඥ ශානක රණසිංහ හා හරේන්ද්‍ර රාජපක්‌ෂ යන මහත්වරුන් පෙනී සිටියේය.
 
 එමෙන්ම දෙවන පාර්ශ්වයේ වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥ ඇන්ටන් පුනිදනායගම් මහතා පෙනී සිටි අතර මෙම නඩුව එළැඹෙන අගෝස්‌තු මස 26 වන දින දක්‌වා කල් තබන ලදී.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles