Divaina - සතොස වාහන අන්තවාදීන් අතට ගිය හැටි උසාවියේදී සාක්‍ෂි සහිතව හෙළි කරනවා- විමල් වීරවංශ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p1 2සතොසේ කීර්තිනාමයට හානියක් සිදුව ඇති බව සඳහන් කරමින් තමන්ට එරෙහිව නඩු පැවරීමට සූදානම් වන බවත්, සතොසේ වාහන අන්තවාදීන්ගේ අතට පත්වූ ආකාරය සාක්‍ෂි සහිතව අධිකරණයේදී හෙළි කිරීමට සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා එම පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (12 වැනිදා* පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී පැවසීය.

රිෂාඞ් බදුර්දීන් සතොස භාර ඇමැතිවරයා වීමට පෙර සතොසේ මත්ද්‍රව්‍ය හමු නොවූ බවත්, පසුගිය කාලයේ සතොසේ තිබී කුඩු හමු වූ අවස්ථාවේදී ඔහුට එරෙහිව නඩු නොදැමූ පිරිස් සතොසේ වාහන අන්තවාදීන් භාවිත කළ බවට ප‍්‍රකාශ නිකුත් කරන විට නඩු පැවරීමට සූදානම්ව සිටින බවත් විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

සතොසේ වාහන අන්තවාදීන්ගේ අතට පත් වූ ආකාරය සාක්‍ෂි සහිතව අධිකරණයේදී හෙළිකිරීමට සූදානම් බවත්, සතොසේ වාහන පිළිබඳව පමණක් නොව තවත් බොහෝ තොරතුරු සාක්‍ෂි සහිතව අධිකරණයේදී හෙළිදරව් කිරීමට සූදානම් බවත් විමල් වීරවංශ මහතා කීවේය.

වහාබ්වාදී ඉස්ලාම් ත‍්‍රස්තවාදයත්, මත්ද්‍රව්‍ය ජාවාරමත් දෙකක් නොවන බවත්, මේ දෙකම එකට එක්ව ගමන් කරන ව්‍යාපෘති බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.

සතොසේ වාහන කොළඹ, මන්නාරම, සයින්දමරුදු දක්වා ගමන් ගත් ආකාරය දැක්වෙන ජීපීඑස් වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබෙන බවත්, රජයේ අනුදැනුම මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රිෂාඞ් ඇමැතිවරයාව ආරක්‍ෂා කරන බවත් හෙතෙම කීවේය.

වනාතවිල්ලූව පුහුණු කඳවුර පවත්වාගෙන ගියේත්, මවුවරුන් වඳභාවයට පත් කළ වෛiවරයාත් රිෂාඞ්ගේ ගෝලයන් බවත්, අන්තවාදීන් පිටුපස සිටින දේශපාලන ගුරුවරයා රිෂාඞ් බදුර්දීන් බවත්, සිරිකොත නඩත්තු කළේත් ඔවුන් විසින් බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලසිත දුමින්ද
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles