Divaina - සිල් සමාදන් වෙන්න ආ පෙර පාසල් දරුවන්ගේ හිස මතට බෝ අත්තක් කඩාවැටිලා - දරුවන් 6 දෙනකු ඇතුළු 14 කට තුවාල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

කුරුණෑගල, නාරම්මල, පහමුනේ ප‍්‍රදේශයේදී පැරණි බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් පෙර පාසල් දරු දැරියන් 6 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා ඊයේ (12 දා) කුරුණෑගල හා නාරම්මල යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

රෝහල් ගතකළ දරුවන්ගෙන් එක් දරුවකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

රෝහල්ගත කළ පිරිස අතර පෙර පාසල් ගුරුවරියක හා අඹු සැමි යුවළක් ද වේ.

ඊයේ උදේ 8.30 ට පමණ පහමුනේ දීප්ති පෙර පාසල ආසන්නයේ තිබූ වසර 150 ක් පමණ පැරණි බෝගසක අත්තක් විශාල හඬක් නගමින් මෙලෙස කඩාවැටී තිබේ. පෙර පාසලේ දරුු-දැරියන් අදාළ බෝගස අසලට පැමිණ සිල් සමාදන් වීමේ වැඩසටහනකට සහභාගි වී තිබේ. එම වැඩසටහන අතරතුර කඩා වැටුන බෝගසේ අත්තට යටවී සිටි දරුවන් ඇතුළු පිරිස මහත් පරිශ‍්‍රමයක් දරා ඉවතට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබීය.

මෙම සිද්ධිය වන අවස්ථාවේ පහමුනේ දීප්ති පෙර පාසලේ දරු-දැරියන් 15 දෙනකු පමණ සිට තිබේ. මේ පිළිබඳව කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිමල් බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ නාරම්මල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දේශබන්දු සේනාරත්න මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් ගාමිණී (19654* වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles