Divaina - පවුල් තිස්පන්දහසකට බොන්න වතුර නෑ නියං මාරයා උතුර ගිලගනිද්දී

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p17 2උතුරේ නියඟය තවත් දරුණු අතට හැරීමත් සමගම පානීය ජලය සපයා ගැනීමට නොහැකිව විපතට පත්ව සිටින පිරිස එක්ලක්ෂ දහඅටදාස් පන්සිය අනූවක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ පුද්ගලයින් සංඛ්‍යාව පවුල් තිස්පන්දහස් හාරසිය පනස් තුනකට අයත් බව ඒ ඒ පළාත්වල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හා දිසාපති කාර්යාල මගින් පසුගිය ජූනි මස 10 වැනිදා වන විට සපයන ලද සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙයි.

වැඩිම පිරිසක් විපතට පත්ව සිටින්නේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ වන අතර එහි පවුල් 16,243 කට අයත් පුද්ගලයින් 56,324 ක් විපතට පත්ව සිටී.

මුලතිව් පළාතේ පවුල් 12,768 කට අයත් පුද්ගලයින් 40,098 ක් ද, කිළිනොච්චියේ පවුල් 4,774 කට අයත් සාමාජිකයින් 16,636 ක් ක්ද,යාපනයේ පවුල් 1,628 කට අයත් පුද්ගලයින් 5423 ක්ද, වවුනියාව උතුර පළාතේ (නෙඩුන්කේණී) පවුල් 40 කට අයත් සාමාජිකයින් 109 ක් ද විපතට පත්ව සිටින බවට ගණන් බලා තිබේ.

මාස කීපයකින් උතුරු පළාතට වර්ෂාව නොලැබීම නිසා එම පළාත්වල කුඩා වැව් සියල්ලක්ම සිදී යෑම නිසා ළිංවලද ජලය සිඳී යෑම උතුරේ පානීය ජලය හිඟ වීමට හේතුව වී තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා කියා සිටියේ උතුරේ පවුල් 85,000 කට පානීය ජලය සපයා දීම සඳහා අවශ්‍ය ජල බවුසර් 17 ක් මේ වන විට පළාත් සභාව විසින් අලූතෙන්ම මිලට ගෙන ඇති බවයි. පළාත් සභාවේ හා වෙනත් පළාත් පාලන ආයතනවල මෙන්ම ආරක්ෂක අංශ සතුව ඇති ජල බවුසර් උපයෝගී

කරගෙන ජනතාවට පානීය ජලය සැපයීමට කටයුතු සලසා ඇතැයිද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

උතුරේ මහජනතාවට කුමන හෝ අන්දමකින් පානීය ජලය සපයා දීමට හැකියාව ඇතත් උතුරේ වැසියන් කියා සිටින්නේ ඔවුන්ගේ ගවයන්, එළුවන් වැනි සතුන්ට පානීය ජලය සපයා දීමටත් ඔවුන්ව නෑවීමටත් කිසිදු ස්ථානයක් නොමැති බවයි.

පානීය ජලය සොයමින් ඈත දිසා වලට ගිය ගවයින් විශාල සංඛ්‍යාවක් ආපසු පැමිණීමට නොහැකිව කැලයේ අතරමග මියගොස් සිටි අවස්ථා කීපයක් පිළිබඳව උතුරෙන් වාර්තා විණි.

දිනසේන රතුගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles