Divaina - ‘මංගල සමරවීර පුර මාවත’ නම ගැලවීමේ යෝජනාව සම්මතයි - කිරින්ද පුහුල්වැල්ල ප‍්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් පෙත්සමක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

මුදල් ඇමැති මංගල සමරවීර මහතා ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට කර තිබෙන ප‍්‍රකාශයත් මහා සංඝ රත්නයට අපහාස වන ලෙස කර තිබෙන ප‍්‍රකාශයත් නිසා තමන් සමාජයේදී අපහසුතායට පත්වන බැවින් කිරින්ද පුහුල්වැල්ලේ මාර්ගයකට යොදා ඇති ‘මංගල සමරවීර පුර මාවත’ යන නම ‘ළිඳගාව වත්ත මාර්ගය’ ලෙස වෙනස් කර දෙන්නැයි ගම්වාසීන් පිරිසක් කිරින්ද පුහුල්වැල්ල ප‍්‍රාදේශීය සභාවෙන් කර තිබූ ඉල්ලීම වැඩි ඡුන්ද 03 කින් සභා සම්මත විය.

යෝජනාවට පක්ෂව ශ‍්‍රී.ල.පො.පෙ මන්ත‍්‍රීවරු 07 දෙනා ඡුන්දය පාවිච්චි කළ අතර එ.ජා.ප මන්ත‍්‍රීවරුන් 03 දෙනා සමග ශ‍්‍රී.ල.නි.ප මන්ත‍්‍රීවරයා විපක්ෂව ඡුන්දය පාවිච්චි කළේය.

කිරින්ද පුහුල්වැල්ල ප‍්‍රාදේශීය සභාවේ මාසික රැුස්වීම සභාපති සනත් හෙට්ටිආරච්චි (ශ‍්‍රී.ල.පො.පෙ) මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම ප‍්‍රාදේශීය සභා රැුස්වීම් ශාලාවේදී පැවැත්විණි.

ගම්වාසීන් 110 දෙනකුගේ අත්සන් සහිතව එවන ලද ලිපිය ඉදිරිපත් කරමින් කතා කළ සභාපති සනත් හෙට්ටිආරච්චි මහතා-

එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව කාලේ ‘රනිල්ට බෑ’ කියලා පෝස්ටර් ගහන කොට යූ.එන්.පී.කාරයෝ මංගල සමරවීරට විතරක් නොවෙයි එතුමගේ අම්මටත් එක්කයි බැන්නෙ. මාතර සංවර්ධනය කළාය කියන මංගල සමරවීර ඇමැතිතුමාට යහපාලන ආණ්ඩුවේ අවුරුදු 04 ක් ඉඳලත් සංවර්ධනය කළ මාතර හක්මන පාරේ තුඩාවේ ඉඳලා ඉතිරිවෙලා තියෙන කි.මී 03වත් හදන්න බැරිවුණා. මංගල ‘සමරවීර පුර’ බෝඞ් එකත් පසුගිය දිනවල ගම්වාසීන් කඩලා විනාශ කර තියෙනවා. මෙම යෝජනාව පිළිබඳව අවසන් තීරණය ගත යුත්තේ ආණ්ඩුකාරතුමා නිසා යෝජනාව පිළිබඳ වාර්තාවක් ආණ්ඩුකාරතුමා වෙත යැවීමට කටයුතු කරනවා.

බන්දුල මොහොට්ටාල මහතා (එ.ජා.ප) -

මංගල සමරවීර කියන්නේ දකුණු පළාතට ඉන්න වැඩ කරන්න පුළුවන් හොඳ ඇමැතිකෙනෙක්. මේ ගම ‘මංගල සමරවීර පුර’ කියලා නම් කළේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ. මෙම නම මකලා දානවට මම නම් එක`ග නැහැ. මෙම යෝජනාව පිළිකුලින් යුතුව බැහැර කරනවා.

අනිල් කරුනානන්ද මහතා (ශ‍්‍රී.ල.නි.ප)-

මගේ පියාට ගෞරවයක් වශයෙන් රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා දේවලමුල්ලේ හදපු උදාගම කරුණෝදාගම කියලා නම් කර තියෙනවා. මේ විදියට ගියොත් ජනතාව ඉල්ලූවයි කියලා ගමට රටට වැඩ කරපු පුද්ගලයින් නමින් නම් කරලා තියෙන සේරම නම් වෙනස් කරන්න කටයුතු කරාවි. ඒ නිසා ‘මංගල සමරවීර පුර’ නාමය වෙනස් කිරීමට විරෝධය පළ කරනවා.

විමලසිරි රුවන්පතිරණ මහතා (ශ‍්‍රී.ල.පො.පෙ)-

මැටි කර්මාන්තයෙන් ජීවිතය ගැටගහ ගන්න අහිංසක මිනිස්සු තමයි මේ ගමේ ජීවත් වෙන්නේ. දැනට ඇතිවෙලා තියෙන තත්ත්වය මත මේ නම කියද්දි සමාජයෙන් ප‍්‍රතික්ෂේප වන නිසා ඔවුන් දැඩි කලකිරීමට පත්ව සිටිනවා. කාදිනල්තුමා ඇතුළු අන්‍යාගමික නායකයින් පවා සිංහල බෞද්ධ රටක් බව පැවසුවත් මෙතුමා මේ රට සිංහල බෞද්ධ රටක් නොවේය කියලා පුන පුනා ප‍්‍රකාශ කිරීම ඉතාමත් කනගාටුදායකයි. මෙම ප‍්‍රකාශය නිසා රටේ මහත් ආන්දෝලනයක් ඇතිවී තියෙනවා.

පී.එල් ජයවර්ධන - කඹුරුපිටිය
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles