Divaina - කෙසෙල් ඇවරි මුසා බස් දැරිය බිලිගත් බාප්පා කම්බස්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

rapeපහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතළ ලෙස අපයෝජනයට ලක්කළ දැරියගේ බාප්පා පෙරේදා (11* රාත‍්‍රි යක්කලමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසිතුන් හැවිරිදි වියේ පසුව නාකියදෙණිය ප‍්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මෙකී දැරිවියගේ

මව හා පියා කුලි වැඩ කරන අතර දැරිය සිය මිත්තණියකගේ නිවසේ හැදී වැඞී ඇත. මිත්තනිය නිවසේ නොසිටි අවස්ථාවක සැකකරු නිවසට පැමිණ ඇත. නිවස තුළ කෙසෙල්ගෙඩි ඇවරියක් තිබෙන බව පවසා එය රැගෙන එන ලෙස සැකකාර බාප්පා දැරියට පවසා ඇත. දැරිය නිවස තුළට ගිය විට සැකකරු විසින් දැරිය බරපතළ ලෙස අපයෝජනයකට ලක්කොට ඇති බැව් පොලිසිය පවසයි.

අපයෝජනයකට ලක්වූ දැරිය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකොට ඇත. සැකකාර බාප්පා ඊයේ (12* අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සහකාර පොලිස් අධිකාරි ගාමිණි ඉහලවෙල, යක්කමුල්ල පොලිස් ස්ථානාධිපති දමිත පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් යක්කලමුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථනාධිපති කා. උ. පො. ප චන්ද්‍ර ජයවර්ධන යන මහත්මිය ඇතුළු නිලධාරින් විසින් පරීක්ෂණ පවත්වති.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles