Divaina - රාජසන්තක කළ වාහනය අයිතිකරුට මුදාහරින්න - මහෙස්ත‍්‍රාත් දුන් නියෝගය මහාධිකරණ විනිසුරු අත්හිටුවයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

courtගාල්ල කොටුව ප‍්‍රදීපාගාරය අසල මුහුදේ නෑමට පැමිණ හිරිගල් කැබලි කිහිපයක් පටවාගෙන යෑමේ චෝදනාව යටතේ මෝටර් රථයක් රාජසන්තක කිරීමට මහෙස්ත‍්‍රාත්වරයා විසින් කරන ලද නියෝගය ඉවත් කොට වාහනය ලියාපදිංචි අයිතිකරුට මුදා හැරීමට දකුණු පළාත් බද පූර්වගාමී ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.

මහාධිකරණ විනිසුරුවරයා මෙසේ වාහනය මුදා හැරීමට නියෝග කරනු ලැබුවේ වාහනය රාජසන්තක කිරීමට මහේස්ත‍්‍රාත්වරයා විසින් දෙන ලද නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබු අභියාචනයක් සළකා බැලීමෙන් පසුවය.

දෙහිවල පදිංචි මොහොමඞ් පසාල් තාහා, මොහොමඞ් රෂාඞ් ඉඟිතිසාම් කාලිඞ්, මොහොමඞ් හාසිම් ඉඟිතිසාම් කාලිඞ් යන තිදෙනා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබු අතර වගඋත්තරකරුවන් ලෙස ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ නීතිපතිවරයා නම්කර තිබිණි.

පෙත්සම්කාර චූදිතයින් හිරිගල් ඉවත් කිරීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් පසු එක් අයකුට රුපියල් විසි දහස බැගින් දඩ නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා වාහනය විමසීමට තබා පසුව වාහනය රාජසන්තක කිරීමට නියෝග කර ඇත.

එම තීන්දුවෙන් අප්තෘප්තියට පෙත්සම්කරුවන් වාහනය රාජසන්ක කිරීමේ නියෝගය ඉවත්කරන ලෙස ඉල්ලා මෙම අභියාචනය ඉදිරිපත් කර තිබිණි.

පෙත්සම්කරුවන්ගේ නීතිඥයා කියා සිටියේ 2017 ජනවාරි 21 වැනි දින කොටුවේ ප‍්‍රදීපාගාරය අසල මුහුදේ දියනෑමට පැමිණි අවස්ථාවේ මාලූ ටැංකියට දැමීම සඳහා කුඩා ළමයි දෙදෙනා විසින් හිරිගල් කැබලි කිහිපයක් එකතුකර මෝටර් රථයේ දමාගැනීම සම්බන්ධයෙන් පොලිසිය විසින් වෙරළ සංරක්ෂණ පනත යටතේ නඩු පවරන ලද බවය.

වෙරළ සංරක්ෂණ පනත යටතේ පොලිස් නිලධාරින්ට සෘජුව බලය ලබාදී ඇත්තේ වැලි හා මුහුදු බෙල්ලන් සිප්පිකටු සම්බන්ධයෙන් පමණක් වන අතර විශේෂයෙන් හිරිගල් ඇතුලූ අනෙක් අවස්ථාවන්හිදී වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ බලය ලබාගත් නිලධාරියකු මගින් ක‍්‍රියාත්මක කළ යුතු බවත් කියා සිටි නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ අනුව අදාළ චෝදනා පත‍්‍රය වලංගු නොවන නිසා එවැනි චෝදනා පත‍්‍රයකට වරද පිළිගැනීම නීත්‍යානුකූල වරදකරු කිරීමක් නොවන බවය.

ඒ අනුව අදාල මෝටර් රථය රාජසන්තක කරමින් මහේස්ත‍්‍රාත්වරයා විසින් දෙන ලද නියෝගය ඉවත් කර මෝටර් රථය ලියා පදිංචි අයිතිකරු වෙත මුදා හරින ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියේය.

සියලූ කරුණු සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගය ඉවත් කරමින් වාහනය ලියාපදිංචි අයිතිකරුට මුදා හැරීමට නියෝග කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ අරුණ ශාන්ත ඈපා මහතා පෙනී සිටියේය.

අහංගම - සුගතපාල දීයගහගේ

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles