Divaina - රජයෙන් මුදල් දුන්නත් දැන් කල් මදි මිහින්තලේ මිහිඳු පෙරහැර නෑ

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ‍්‍රී ලංකා ගමනය සැමරෙන ඇති උතුම් පොසොන් පුන් පෝය නිමිති කොට ගෙන මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර ගෙන වාර්ෂිකව සංවිධානය කරනු ලබන මිහිඳු පෙරහැර මෙවර නොපැවැත්වීමට මිහින්තලේ පොසොන් උත්සව කමිටුව තීරණය කොට ඇත.

රටේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන වාර්ෂික මිහිඳු පෙරහැර රාත‍්‍රී කාලයේ නොපවත්වා දිවා කාලයේ දී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි. එහෙත් පෙරහැර පැවැත්වීමේදී නර්තන ශිල්පී දීමනා සහ අනෙකුත් වියදම් සඳහා මුදල් පරිත්‍යාග කිරීමට පසුගිය සති අන්තය වන විටත් අනුග‍්‍රාහකයින් ඉදිරිපත් නොවීම නිසා පෙරහැර පැවැත්වීම සම්බන්ධයෙන් පෙරහැර සංවිධායකයින්ට ගැටලූ‍වක් මතු වී තිබිණි.

මේ අතර පසුගිය සති අන්තයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පෙරහැර කටයුතු වෙනුවෙන් රජය විසින් රුපියල් තිස් ලක්ෂයක මුදලක් ලබා දී තිබුණ ද පෙරහැර සංවිධානය කිරීමට තරම් කාලයක් නොමැතිවීම සහ නර්තන ශිල්පින් දුර බැහැර ප‍්‍රදේශවල සිට කඩිනමින් ගෙන්වා ගැනීමට නොහැකිවීම හේතු කොට ගෙන පොසොන් පොහෝ දින මිහිඳු පෙරහැර නොපැවැත්වීමට පොසොන් පිංකම් කමිටුව තීරණය කොට ඇත.

පොසොන් පොහෝ දිනය නිමිති කොට ගෙන මිහින්තලා රජ මහා විහාරස්ථානය මගින් වාර්ෂිකව සංවිධානය කරන මිහිඳු පෙරහැර හැර මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා මත එම විහාරස්ථානයේදී දාන, ශීල, භාවනා ආදී සියලූ‍ම ආගමික වැඩසටහන් කලින් තීරණය කළ පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

මේ අතර මිහින්තලා අලෝක පූජාව මෙවරත් ජුනි මස 15 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වේ. පොසොන් පොහෝ දින අලෝක පූජාව සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles