Divaina - ඇමති රාජිතගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්නැයි - අද බදුල්ලේදී දොස්තරලා උද්ඝෝෂණයක

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා රජයට බල කරමින් අද (13 දා* පෙරවරු 11.00 ට බදුල්ල මහ රෝහල අසලදී විරෝධතා උද්ඝෝෂණයක් සිදුකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන ඇත.

රජයේ රෝහල්වලට ඖෂධ ගෙන්වීමේදී සෞඛ්‍ය ඇමැතිවරයා අක‍්‍රමිකතා සිදුකර ඇති බවත් රෝහල්වල ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඔහු නිසි පියවර නොගන්නා බවත්, ඇමැතිවරයා සිදුකර ඇති පත්වීම් අවිධිමත් බවත් සඳහන් කරමින් මෙම විරෝධතාව සංවිධාවය කර ඇත. අන්තවාදී ප‍්‍රකාශ නිකුත් කරමින් ඇමැතිවරයා ජාතික සංහිඳියාවට බාධා කරන බවට ද චෝදනා එල්ල කෙරේ. රෝහල්වල දෛනික කටයුතුවලට බාධාවක් නොවන ලෙස සාමකාමීව මෙම විරෝධය පලකරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක සහ එම සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.

බෝගොඩ රත්නායක

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles