Divaina - කළුදෑවල ඉඩමක පුපුරවන්න ලෑස්ති කළ කාල බෝම්බයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

මාතලේ -කළුදෑවල ප‍්‍රදේශයේ පළමු පටු මෙඟ් පිහිටි පෞද්ගලික ඉඩමක තිබී ප්ලාස්ටික් හා යකඩ බටයක් ආධාරයෙන් පුපුරුවා හැරීමට සකස්කර තිබූ කාල බෝම්බයක්, ඩෙටනේටර් හතරක්, රතිඤ්ඤා කරල් හයක් ඇතුළු තවත් ද්‍රව්‍ය රැසක් පෙරේදා (11 දා) රාත‍්‍රියේ සොයා ගැනීමට මාතලේ පොලිසියට හැකිව තිබේ.
 
 එම පටුමගේ ගමන්කළ පුද්ගලයකු විසින් සැකකටයුතු පාර්සලයක් පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයේ සෝදිසි කිරීමකදී හතරැුස් යකඩ බටයක පුපුරන ද්‍රව්‍ය පුරවා ඩෙටනේටරයක් හා බැටරියක් ආධාරයෙන් සකස් කළ කාල බෝම්බය සොයා ඇත. එම බෝම්බය උකුවෙල යුද හමුදා කණ්ඩායමක් විසින් නිෂ්ක‍්‍රිය කර ඇත.
 
 මෙහිදී ඇම්පියර් 12 බැටරියක්, පෙන් ටෝච් එකක්, රතිඤ්ඤා කරල් හයක්, ඩෙටනේටර හතරක්, පුපුරන ද්‍රව්‍ය කුඩු කිලෝ ග‍්‍රෑම් එකක්, සොයාගෙන ඇත.
 
 මේ පුපුරන ද්‍රව්‍ය කුමන කරුණක් සඳහා ගෙනවිත් දමන්නට ඇද්දැයි මෙතෙක් තහවුරුවී නැත. සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.
 
 දඹුල්ල-සරත් එරමිනිගම්මන

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles