Divaina - තරුණයෙකුට එළව එළවා කැපුම් තුවාල සිදුකර අතක් වෙන් වෙන්කර මරාදමා පලායයි; තවත් තරුණයෙකු කපා කොටා බරපතලයි!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

කඳාන රුක්මන් පින්තු


detgකඳාන පොලිස් බල ප‍්‍රදේශයේ උස්වත්ත ග‍්‍රාම සේවක වසමේ 10 දා උදෑසන පිරිසක විසින් පුද්ගලයින් දෙදෙනකු තියුණු ආයුධවලින් කපා කොටා ඇති අතර එම ප‍්‍රහාරයෙන් අතක් වෙන් වූ තරුණයා මියගොස් අනෙක් පුද්ගලයා බරපතළ කැපුම් තුවාල ලබා රාගම රෝහලේ ප‍්‍රතිකාර ලබන බව කඳාන පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වීදී මාවත, උස්වත්ත කඳාන පදිංචි සම්ත් රොෂාන් නමැති විසිහත් හැවිරිදි අවිවාහක තරුණයෙකි.

බරපතළ තත්ත්වයේ රාගම රෝහලේ ප‍්‍රතිකාර ලබන්නේ කඳාන උස්වත්ත අධිකාරමුල්ලේ පදිංචි සුපුන් (25* නමැති අයෙකි.

කාලයක් තිස්සේ දෙපාර්ශවයක් අතර ආරවුලක් ඇති බව පවසන කඳාන පොලිසිය පලිගැනීමක් ලෙස මෙම කපා කොටා දැමීම සිදු වී ඇතැයි වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.

කඳාන පාතිමා පාර ආසන්නයේ දී එදින පෙරවරු 10.30ට පමණ එක් පුද්ගලයකු මන්නා හා කඩුවලින් කොටා දමා ත‍්‍රීරෝද රථයකින් හා යතුරුපැදිවලින් ගොස් කඳාන වීදි මාවතේ පිහිටි නිවස වටලා එම නිවසේ සිටි තරුණයාට ද එළව එළවා කැපුම් තුවාල සිදුකර අතක් වෙන් වෙන්කර පලා ගොස් තිබුණි.

කැපුම් තුවල ලබා මියගිය අය හා බරපතළ තුවාල ලැබූ අය ද දාමරික සිද්ධිවලට සම්බන්ධ අය බව පවසන පොලිසිය දෙපාර්ශවය කාලයක් තිසසේ මෙලෙස ගැටුම් ඇති කරගෙන ඇති බව ද පවසයි. සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමට කඳාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රෝහන මුණසිංහ මහතාගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක දසනායක මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ සිදු කරති.
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles