Divaina - වටවල තිදරු පියාගේ ඝාතනයට බිරිඳ සහ පුත‍්‍රයා අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
 
 වටවල ප‍්‍රදේශයේ ඉකුත් 09 දා සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ පුත‍්‍රයාද සැකපිට ඊයේ (11දා* අලූයම 02.00 ට පමණ වටවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 සිය නිවස තුළදී බිරි`දගේ පහර කෑමට ලක්ව සැමියා මියගිය සිද්ධියක් සම්බන්ධව පරික්ෂණ ආරම්භ කළ බව වටවල පොලිසිය පවසයී.
 
 මෙසේ ඝාතනයට ලක්වුයේ,වටවල පොලිස් වසමට අයත්, වටවල ප‍්‍රදේශයේ අංක 256.හැටන් පාර.වටවල ලිපිනයේ පදිංචිව සිටි ආරුමුගම් ජේරාමන් (45* නමැති තිදරු පියෙකි.
 
 ඉකුත් 08 දා රාත‍්‍රි 9.00 ට පමණ නිවස තුළදී බිරිඳ හා සැමියා අතර ඇතිවු ආරවුලක් දුරදිග යාම නිසා බිරිඳ විසින් යකඩ පොල්ලකින් සැමියාගේ හිස හා ගෙල ප‍්‍රදේශයට පහර දී ඝාතනය කළ බවට එම කාන්තාව විසින්ම පොලිසිය වෙත කළ පාපොච්චාරණයකට අනුව වටවල පොලිසිය මෙම මිනීමැරුම සම්බන්ධව පරික්ෂණ ආරම්භ කළේය.
 
 එදින අලූයම සැකකාරිය විසින් කිලෝ මීටර් එකහමාරක පමණ දුරින් පිහිටි වටවල පොලිසිය වෙත ගොස් සිද්ධිය සැලකර තිබු අතර එහිදී සැකකාරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 හැටන් වටවල ප‍්‍රධාන මාර්ගයට යාබදව ආපන ශාලාවක් පැවැත්වාගෙන යාම බිරි`දගේ රැුකියාව වන අතර මරණකරු කොළඹ ප‍්‍රදේශයේ කම්කරුවකු ලෙස සේවය කරන්නෙකි. ඔහු මාසයකට දෙතුන් වරක් නිවසට පැමිණිම පුරුද්දක් කරගෙන සිටි බවත්, නිවසට පැමිණ සිටි අවස්ථාවේ මෙම සිදුවීම වී ඇති බවත් ඥාතිහු පවසති.
 
 මෙම සිද්ධියට අදාළ ස්ථානය 09 දා පරික්ෂා කළ හැටන් දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා මළසිරුර අධිකරණ වෛද්‍ය පරික්ෂණය ස`දහා දික්ඔය රජයේ දිස්ත‍්‍රික් මුලික රෝහල වෙත යොමු කරන ලෙස පොලීසියට නියෝග කළේය.
 
 දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඉනෝකා රත්නායක මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණකරු මියයාමට ප‍්‍රථම හුස්ම හිරවන සේ ගෙල තදින් සිරකර සිදුකළ මිණිමැරුමක් බවට නිගමනය කරනු ලැබුවාය. අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ බිරි`දට පමණක් තනිව එම කටයුත්ත සිදුකළ නොහැකි බවට විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය විසින් කළ නිගමනය අනුව නැවත පරික්ෂණ ආරම්භ කළ වටවල පොලිසිය සැකකාරියගේ පුත‍්‍රයා වන 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.
 
 හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් මත එම පරික්ෂණ ස`දහා මුලික විමර්ශන කටයුතු සිදු කළ හැටන් කොට්ඨාස අපරාධ ස්ථාන පරික්ෂනණාගාරයේ පොලිස් පරික්ෂක ඕ.සි .සුභසිංහ මහතා පවසුවේ, එම අපරාධයට අදාළ ස්ථානයට එම අවස්ථාවේ කිසිදු පුද්ගලයකුට ඇතුළු නොවීමට පියවර ගෙන ආරක්ෂා කර ගැනිමෙන් ස්වභාවිකව භෞතික සාක්ෂි ආරක්ෂා කරගැනිමට හැකිවූ බවත්, එය නියම ඝාතකයන් නීතිය ඉදිරියට ගෙන ඒමට ඉවහල් වු බවත්ය.සැකකරු ඊයේ (11දා* හැටන් දිසා හා මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles