Divaina - වවුනියාවේ අම්මාන් කෝවිලේ දේව රූපයකින් රතු කඳුළු බිඳුවැටේ; කෝවිල සෙනගින් පිරී යයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

දිනසේන රතුගමගේ
 
 dewaවවුනියාවේ සුන්දරපුරම් ගම්මානයේ පිහිටි පුතූර් කෝවිලේ අනු ශාඛාවක්‌ වන අම්මාන් කෝවිලේ දේව රූපයක දකුණු ඇසෙන්න පසුගිය 5 වැනිදා උදෑසන සිට රතු පැහැති කඳුළු මෙන් දියරයක්‌ ගලා එන බවට ලද ආරංචියක්‌ මත මේ පුදුමය දැක බලා ගැනීමට එම කෝවිලට විශාල සෙනගක්‌ පැමිණෙමින් සිටිති.
 
 මුලින්ම උදෑසන දේව පූජාවක්‌ තැබීම සඳහා පැමිණි කාන්තාවක්‌ විසින් මේ කඳුළු වැනි දියර ගලනු දැක ඒ බව ගම්වාසීන්ට පවසා තිබේ.
 
 ගම්වාසීන්ද පැමිණ බලන විට රතු පැහැති දියරයක්‌ පිළිමයේ ඇසකින් ශ්‍රාවය වන්නට පටන් ගනිමින් තිබෙනු දැක ඒ ගැන බොහෝ පිරිසකට තොරතුරු දැනුම් දී තිබේ.
 
 මෙය නැරඹීමට පැමිණෙන පිරිස්‌ කියා සිටින්නේ පාස්‌කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට දින කීපයකටත් පෙර කළුතර පළාතේ දේව රූපයකින් කඳුළු ගලා එන්නට පටන් ගත් බවයි. ඊට දින කීපයකට පසුව මහා විනාශයක්‌ සිදුවූ බව කියන වවුනියාවේ සුන්දරපුරම් ගම්මානයේ වැසියෝ මේ සිද්ධියද අනාගතයේ විනාශයක පෙර, නිමිත්තක්‌ද යන සැකයෙන් දේව රූපය දෙස බලා සිටිති.
 

 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles