Divaina - ධාවනය වෙමින්තිබූ දුම්රියේ පිහියක් අතැතිව මගීන් බිය ගන්වමින් සිටි පුද්ගලයකු චෙක් කරන්න ගිය සෙබළාට කළුතර දුම්රියපළේදී පිහියෙන් ඇනලා!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

සැකකරු රිමාන්ඞ් - මානසික වාර්තාවකුත් කැඳවයි


දකුණු කළුතර දුම්රිය ස්ථානයේදී තමා පරීක්‍ෂා කිරීමට සූදානම් වූ යුද හමුදා කෝප‍්‍රල්වරයකුට පිහියකින් ඇන තුවාල සිදුකළේ යැයි අධිකරණය හමුවට පමුණුවනු ලැබූ පුද්ගලයකු මේ මස 21 වැනිදා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් වජිර ලක්‍ෂ්මන් අසුරප්පුලි මහතා නියම කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරයට නියම වූයේ මොරටුව, ලූනාව උයන පාරේ පදිංචිකරුවකු වන සම්පත් වඩුගේ ඔස්මන් සිල්වා නම්වූ අයෙකි.

ඉකුත් 7 වැනිදා සවස 5.20 ට පමණ බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ පිහියක් අතැතිව මගීන් බිය ගන්වමින් පුද්ගලයකු සිටින බවට දකුණු කළුතර දුම්රිය ස්ථානයට කිසිවකු විසින් දුරකථන ඇමතුමක් ලබාදී තිබිණි.

ඒ අනුව දකුණු කළුතර දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කළ විට එහි ආරක්‍ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළුන් මොහු පරීක්‍ෂා කිරීමට ගිය අවස්ථාවේදී මොහු එක් හමුදා කෝප‍්‍රල්වරයකුට පිහියෙන් ඇන ඇති බව දකුණු කළුතර පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ දොඹගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන යුද හමුදා යන්ත්‍රෝපකරණ බළකායේ කෝප‍්‍රල් (603130* සමන් කුමාර මහතා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සැකකරු පිළිබඳව මානසික වෛi වාර්තාවක් ලබාගැනීමට අවශ්‍ය බව පොලිසිය අධිකරණයට වාර්තා කළ අතර මොහු මනෝ වෛiවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා මෙහිදී නියම කළේය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න සහ සහකාර පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක අමිල රණසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

විජයසිරි විiාසේකර - කළුතර සමූහ, බණ්ඩාරගම -  ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles