Divaina - කරාපිටිය රෝහලේ අවයව බද්ධ කිරීමේ විශ්මිත සැත්කමක්...ජීවිතයත් මරණයත් අතර සිටි 70 හැවිරිදි රෝගියා ගොඩ එයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 ගාල්ල ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි
 
උරස් කුහරයේ හා උදර කුහරයේ මහා ධමනිය සෙන්ටිමීටර් හතක් පමණ ප‍්‍රසාරණය වීම නිසා ජීවිතයත් මරණයත් අතර පසු වූ රෝගියකුට විස්මිත ශල්‍යකර්මයක් සිදුකොට එම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට කරාපිටිය ශික්ෂණ රෝහලේ රුධිරවාහිනි හා අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ.
 
 මෙසේ සැත්කමට භාජනය කරනු ලැබූවේ හැත්තෑ හැවිරිදි වියේ පසුවන අයෙකි. මෙකී පුද්ගලයාගේ උරස් කුහරයේ හා උදර කුහරයේ මහා ධමනිය මහා ප‍්‍රාචිරය හරහා සෙන්ටිමීටර් හතක් පමණ ප‍්‍රසාරණය වී තිබුණි. මෙකී නහරය පුපුරායෑමට ලක්වූවා නම් මෙකීී පුද්ගලයා අනිවාර්යෙන්ම මියයන බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා පවසයි. මෙය ඉතා අවදානම් සැත්කමක් බව පවසන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා මෙවැනි සැත්කමක් දකුණු පළාතේ රෝහලක සිදු කළ පළමු අවස්ථාව මෙය බව ද පෙන්වා දෙයි. ශී‍්‍ර ලංකාවේ සිදුකොට ඇති මෙවැනි සැත්කම් අතුරින් සාර්ථක වී ඇත්තේ සැත්කම් කිහිපයක් පමණක් බව ද විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා පවසයි.
 
 කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ මෙකී ශල්‍යකර්මය සිදුකොට ඇති අතර ඒ සඳහා පැය හයක පමණ කාලයක් ගතවී ඇත. ශල්‍යකර්මයට භාජනය කළ රෝගියා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ප‍්‍රසාරණ වී තිබූ මහා ධමනිය විවෘත කොට ඉතා සියුම් අයුරින් මෙම සැත්කම සිදුකොට තිබේ.
 
 මෙකී සැත්කම පිළිබඳ අදහස් දක්වමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා මෙසේ පැවසීය.
 
 හෘදය වස්තුවෙන් පටන් අරන් අත්වලට හා මොළයට රුධිරය සපයන ප‍්‍රධාන ධමනියක් තමයි මහා ධමනිය. මේ ධමනිය උරස්කුහරය හරහා උදර කුහරයට එනවා. මේ ධමනියෙන් තමයි අක්මාවට, ප්ලිහාවට, අමාශයට හා ඉතුරු කොටස්වලට රුධිරය සපයන්නේ. ඊට පසු නහර හරහා මහා බඩවැල් හා වකුගඩුවලට ලේ සපයනවා. පසුව තමයි පාදවලට බෙදෙන්නේ. ඔය අයුරින් තමයි මහා ධමනියෙන් රුධිරය සපයන්නේ.
 
 මෙකී පුද්ගලයාගේ උරස්කුහරයේ හා උදර කුහරයේ මහා ධමනිය ප‍්‍රසාරණය වෙලා තිබුණා මහා ප‍්‍රාචිරය හරහා, අනිකුත් නහරත් සමග. ප‍්‍රසාරණය වී තිබූ මහා ධමනිය විවෘත කරලා එහි බද්ධ කිරීමක් සිදු කළා. පසුව සුසුම්නාවට යන නහර බද්ධ කළා, බඩවැල්වලට යන නහර බද්ධ කළා. විනෝ විනස් බයිපාස් සැත්කමක්ද කළා. ඒ සඳහා හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලූ‍ෂා හරිස්චන්ද්‍ර මහත්මිය හා රිචඞ් පර්මින් වෛද්‍යතුමාත් උදව් කළා. යැයි පැවසීය.
 
 මෙකී සැත්කම සඳහා නිර්වින්දන වෛද්‍ය ගිහාන් පියසිරි මහතා ඇතුළු රුධිර වාහිනි හා අවයව බද්ධ කිරීමේ ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහයෝගය හිමිව තිබේ.
 
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles