Divaina - අවිස්සාවේල්ල කිරිවන්දලදී පාරේ ගිය බසයක් හදිසියේම ගිනි ගනී - බසයෙන් බැස මගීහු දිවි බේරා ගනිති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p17 2කොළඹ රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ අවිස්සාවේල්ල කිරිවන්දල ප‍්‍රදේශයේදී මගීන් සමග මාර්ගයේ ධාවනය වෙමින් පැවැති බස් රථයක් 25දා හදිසියේ ගිනි ගෙන ඇති බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.

මෙසේ ගිනි ගෙන විනාශයට පත් වී ඇත්තේ රත්නපුර සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් වන අතර මෙම අනතුර සිදු වන අවස්ථාව වන විට මගීන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් බස් රථයේ ගමන් කර ඇති අතර බස් රථය ගමන් කරමින් සිටියදී එකවර දුමක් මතු වී ඇත. පසුව ජනතාව කඩිනමින් බස් රථයෙන් බැස ඇති අතර ඉන්පසු බස් රථය ගිනි ගත් බව ජනතාව පවසයි. බස් රථයේ රාක්ක වල තබා තිබූ ගමන් මලූද හදිසියේ ගැනීමට නොහැකි වීමෙන් දැවී ගොස් ඇත. බස් රථයෙන් කඩිනමින් බැසීමට නොහැකි වූවා නම් විශාල අනතුරක් සිදු වීමට ඉඩ තිබූ බවත් මෙම සිදුවීමෙන් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැති බවත් පොලිසිය පවසයි. සිද්ධිය පිළිබඳව අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

තල්දුව අංජුල නිශාන්ත දෙහි ඕවිට ඩබ්. එම්. තිලකරත්න

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles