Divaina - උතුරට පාකිස්තානු සරණාගතයන් එපා - සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

P3 1පකිස්තානු සරණාගතයන් පිරිසක් ඔවුන්ගේ ආරක්ෂාව පිණිස යැයි කියමින් වවුනියාවට හා යාපනයට රැගෙන ඒමට රජය කටයුතු කිරීමෙන් එම පළාත්වල වැසියන්ගේ ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල වී ඇතැයි ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා පවසයි.

යාපනයේ මාධ්‍ය සමාජයේදී ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ අනාථ පිරිස දිවයිනේ ප‍්‍රදේශ ගණනාවකටම රැගෙන ගිය අවස්ථාවලදී ඒ පළාත්වල වැසියන්ගෙන් විශාල විරෝධයක් එල්ල වූයේ පැහැදිලි හේතූන් රැසක් ඒ අනාථයින් සම්බන්ධයෙන් තිබූ නිසා බව සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා පැවසීය.

එවැනි පසුබිමක් මත රජය යුද හමුදා ආරක්ෂාව මත පවතින වවුනියාව පූංතෝට්ටම් කඳවුරකට ඔවුන් රැගෙන විත් ඔවුන්ට ආරක්ෂාව සපයමින් එම පළාත්වල සිටින ජනතාවගේ ආරක්ෂාව හෑල්ලූ‍වට ලක් කරන බව ද මෙහිදී කියා සිටියේය.

පළාතේ ආගමික නායකයින්, දේශපාලනඥයින් හා ස්වේච්ඡුා සංවිධාන ගණනාවක් එක්ව ඊට විරෝධය පළකොට තිබියදී රජය යුද හමුදාව ප‍්‍රයෝජනයට ගෙන ඔවුන් ආරක්ෂා කිරීමට තරම් ඇති අවශ්‍යතාවය කුමක්දැයි හිටපු මන්ත‍්‍රීවරයා මෙහිදී ප‍්‍රශ්න කොට සිටියේය.

උතුරේ දෙමළ වැසියන් යුද හමුදාව ප‍්‍රතික්ෂේප කරනු ලබන්නේ රජය ඕනෑම කටයුත්තක් සඳහා යුද හමුදාව යොදවා ගෙන ජනතාව මෙල්ල කිරීමට යෑම නිසා බව පවසන සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා මේ සිද්ධියේදී සිදුව ඇත්තේ ද එවැනි තත්ත්වයක් බව කීවේය.

මේ පිරිස යුදහමුදා කඳවුරක ආරක්ෂාව මැද සිටින නිසා ජනතාවට ඔවුන්ට එරෙහිව උද්ඝෝෂණය කිරීමට යා නොහැකි බව කියන සුරේෂ් මහතා හදිසි නීතිය පනවා තිබියදී ඊට විරෝධය පළ කරන්නන් අත් අඩංගුවට ගත් විට නඩු පවරන්නේ ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ බව ද පැවසීය.

දිනසේන රතුගමගේ
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles