Divaina - කෝටි දෙකක කුඩු සමග ජාවාරම්කාරයෙක් ඔරුගොඩවත්තේදී දැලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

කොළඹ කේන්ද්‍ර කරගනිමින් මත්කුඩු බෙදාහැරි ජාවාරම්කරුවකු රුපියල් කෝටි දෙකහමාරක් වටිනා මත්කුඩුු සමග අත්අඩංගුවට ගැනීමට කොළඹ දිසා ¥ෂණ මර්දන ඒකකය 25 වැනිදා සමත් විය.

එම ඒකකයට ලද තොරතුරකට අනුව සැකකරු ඔරුගොඩවත්ත, ගුවන් පාලම අසල දී කොටුකර ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී මත්කුඩු කිලෝ ග‍්‍රෑම් 2යි ග‍්‍රෑම් 245 ක් තිබී එම ඒකකය භාරයට ගෙන ඇත.

බන්ධනාගාරගතව හිඳින සැකකරුවකු හරහා මොහුට මත්කුඩු ලැබී ඇතැයි හෙළිවූ බව එම ඒකකය කියයි.

32 හැවිරිදි මුස්ලිමි ජාතික සැකකරු ඔරුගොඩවත්ත පදිංචි අයෙකි.

සැකකරු මිනිස් ඝාතනයකට සම්බන්ධ බව ද හෙළි වී තිබේ.

රැුඳවුම් නියෝග යටතේ සැකකරු රඳවා තබාගෙන ප‍්‍රශ්න කරගෙන යන බව ද එම ඒකකය පවසයි.

කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ දිසා ¥ෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පද්මලාල් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කැලූ‍ම් සෝමරත්න, පොලිස් කොස්තාපල් වරුන් වන විතාන(65063), ජනක(67490), කුලරත්න(68952), කුමාර(71228), තාරක(73389), බාලසූරිය(76229), කුමාර(82730), ජගත්(89241), කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන ප‍්‍රදීපා(9555), සඳුනි(10310)⁣, පොලිස් කොස්තාපල් රියැදුරු රණසිංහ(80584) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගී වූහ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles