Divaina - ධනුරොක් කල්ලියේ 9ක් මනිපායි සහ නාවල්අඩිහිදී අල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

යාපනයේ ක‍්‍රියාත්මක ධනුරොක් කල්ලියේ සාමාජිකයන් නව දෙනකු යාපනය පොලිසිය විසින් යාපනයේ මනිපායි හා නාවල්අඩි යන ප‍්‍රදේශ වලදී 25 දා රාත‍්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය දිනවල යාපනයේ විවිධ ස්ථානවලදී පුද්ගලයන් කඩුවලින් කපා තුවාල සිදු කිරීම, වාහනවලට හා නිවාසවලට ගිනි තැබීම යන චෝදනාවලට ඔවුන් සම්බන්ධ බවට ලැබුණු තොරතුරු මත බව යාපනය පොලිසිය පවසයි‘

මීට දින කීපයකට ඉහතදී යාපනයේ ක‍්‍රියාත්මක ආවා කල්ලියේ සාමාජිකයන් හය දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කළ ප‍්‍රශ්න කිරීම්වලදී ධනුරොක් කල්ලියේ මේ සාමාජිකයන් විසින් සිදු කරන ලද අපරාධ රැසක තොරතුරු ඔවුන් පොලිසියට පවසා තිබේ.

ආවා කල්ලියේ නායකයකුගේ උපන්දින සාදයක් සඳහා එම කල්ලියේ හැට දෙනකු පමණ යාපනය නල්ලූර් පාරේ අවන්හලකට රැුස්ව සිටියදී පොලිසිය ඔවුන්ගෙන් 30 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන අවසානයේදී පොලිසියට අවශ්‍යව සිටි හයදෙනකු පමණක් ර`දවා ගෙන සෙසු පිරිස නිදහස් කොට තිබුණි.

ආවා කල්ලියේ එම හයදෙනාගෙන් පොලිසිය ප‍්‍රශ්න කළ අවස්ථාවේදී යාපනයේ මෑතකදී සිදුවූ අපරාධවලට ආවා කල්ලියේ සම්බන්ධයක් නොමැති බවත් ඊට සම්බන්ධ වූයේ ධනුරොක් කල්ලියේ පිරිසක් බවත් පොලිසියට හෙළි වී තිබේ.

ඒ අනුව ධනුරොක් කල්ලියට සම්බන්ධ සැකකරුවන් නව දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරගෙන යයි.

පොලිසිය විසින් මුලින් අත් අඩංගුවට ගත් ‘‘ආවා කල්ලියේ’’ සාමාජිකයන් හය දෙනාගෙන් ප‍්‍රකාශ ලබා ගෙන මේ වන විට ඔවුන්ව නිදහස් කොට තිබේ.

දිනසේන රතුගමගේ
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles