Divaina - එකට වැඩ කළ පෙදරේරුවාගේ ගෙල කපා මරලා

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

crimපමුණුවිල ප‍්‍රදේශයේ ගොඩනැඟිලි ඉදිකිරීම් වැඩ බිමක පෙදරේරුවන් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යෑමෙන් (23 වැනිදා) අලූයම නිදා සිටි පෙදරේරුවකුගේ ගෙල පිහියකින් කපා මරා දමා ඇත.

මේ සිද්ධියෙන් මරුමුවට පත් වී ඇත්තේ අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි පෙදරේරුවකු වන රෝහන විජේවීර නමැති 42 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

එම ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතුවල නිරත වී සිටින පෙදරේරුවන් එහිම නැවතී සිටින අතර එම ගොඩනැඟිලි අයිතිකරුගේ උපන් දිනය නිමිත්තෙන් ඔවුන්ට මත්පැන් බෝතලයක් රාති‍්‍රයේ ගෙනැවිත් දී තිබිණි. එය පානය කිරීමෙන් පසුව ඇති වූ බහින් බස් වීමක් දුරදිග යෑමෙන් පසු නිදා සිටි පෙදරේරුවකුගේ ගෙල කපා මෙසේ මරා දමා ඇත.

මේ අතර මහර අතිරේක මහෙස්ත‍්‍රාත් පසන් අමරසේන මහතා (23 වැනිදා) පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණ සිදු කොට මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රාගම මහ රෝහලට යවන ලෙසට පොලිසියට නියෝග කළේය.

මේ සිද්ධියට සම්බන්ධ සැකකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කෙරේ.

සපුගස්කන්්ද පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත ජයකොඩි, අපරාධ විමර්ශන අංශයේ පො. කො. තිලකරත්න (36589), කුමාර (68475), අජිත් කුමාර (71453), දසනායක (71335), චමින්ද (40078), හේමන්ත (36736), ලක්මාල් (82436) හා අරුණ (83606) යන නිලධාරීහු මේ සිද්ධිය ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යති.

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඞී. විතාන
 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles