Divaina - ජංගම දුරකථනයකින් පෙම් බස් දොඩා පහළොස් හැවිරිදි දැරියට අතවර කරලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

gella2ජංගම දුරකථනයකින් දින 20 ක් පමණ පෙම්බස් දොඩා 15 හැවිරිදි දැරියක රවටාගෙන තම නිවසට කැන්දාගෙන විත් ඇයව අපහරණය කළ බවට සැකපිට පහළොස් හැවිරිදි තරුණයෙකු හා අපහරණයට අනුබල දුන් බවට සැකපිට තරුණයාගේ 46 හැවිරිදි පියාද අත්අඩංගුවට ගන්නා ලදැයි මින්නේරිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජයන්තිපුර නාගපොකුණ පදිංචි පියෙකු හා පුතෙකි.

දැරිය ඉකුත් 13 දා සිට නිවසින් පැනගොස් සිට ඇති අතර දැරියගේ දෙමාපියන් දැරිය රඳවාගෙන සිටි ස්ථානය සොයා ගැනීමෙන් පසු පොලිසියට දන්වා ඇත.

දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා පොළොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.

මින්නේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයවි තුෂාර උප පොලිස් පරීක්‍ෂක සුමනරත්න කා. පො. සැ. කුමාරි (4479) යන නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

මින්නේරිය - සුජිත් කරුණාතිලක
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles