Divaina - එජාපයේ බල අරගලය නිසා ප‍්‍රශ්නවලට මුහුණ දෙන්නේ ජනතාවයි- පාලිත තෙවරප්පෙරුම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

palitha1එක්සත් ජාතික පක්‍ෂය තුළ පවතින බල අරගලය නිසා ප‍්‍රශ්නවලට මුහුණපානු ලබන්නේ රටේ අහිංසක ජනතාව යැයි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා ‘‘දිවයින’’ නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

පක්‍ෂයේ ඇමැතිවරු එක් එක් ආකාරයට කරන ප‍්‍රකාශ පිළිබඳව එජාප පාක්‍ෂිකයකු වශයෙන් තමා කනගාටු වන බව කී පාලිත තෙවරප්පෙරුම ඇමැතිවරයා ජාතික ආණ්ඩු ක‍්‍රමවේද හෙළා දකින අතර තනි පක්‍ෂයකින්, තනි නායකයකුගේ මෙහෙයවීමෙන් යුතුව ආණ්ඩුවක් පවත්වාගෙන යා යුතුව තිබෙන අතර පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු අද සෑම තරාතිරමකම ව්‍යාපාර මුළුමනින්ම අඩපණ වී තිබෙන බවද කීවේය.

රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව එල්ල කිරීමට යන විශ්වාසභංග යෝජනාව පිළිබඳව අදහස් පළ කළ පාලිත තෙවරප්පෙරුම මහතා රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එල්ල වී තිබෙන චෝදනා ඔප්පු වුණොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අත ඔසවන බවද කීවේය.

හදිසි නීතිය යටතේ වෙඩි බෙහෙත් තහනම කි‍්‍රයාත්මක වීමෙන් පසු ඉන් යැපෙන පවුල් රාශියක් අද විපතට පත්වී තිබෙන බවද, එජාපය තුළ පවතින බල අරගල නිසා විපතට පත් වන්නේ රටේ මහජනතාව බවද කීවේය.

මෙම බල අරගල එජාපයට පමණක් නොව රටේ සියලූම පක්‍ෂවලට බලපාන බවද පැවසීය.

නෝමන් පලිහවඩන

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles