Divaina - ජාපාලවත්ත විදුහල සුද්ද කරමින් සිටි දෙමාපියන්ට බඹර ප‍්‍රහාරයක් - 53 දෙනෙක් රෝහලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

babara1මිනුවන්ගොඩ ජාපාලවත්ත ජනාධිපති විද්‍යාල  ගොඩනැඟිලි සහ අවට පිරිසිදු කරමින් සිටි දෙමාපියන් පිරිසකට ඊයේ (26 වැනිදා) බඹරුන් දෂ්ට කිරීම නිසා දෙමාපියන් 51 දෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු 53 දෙනකු තුවාල ලබා මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එක් මවක් සහ කුඩා දරුවකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහල වෙත මාරුකර යැවූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

එම බඹර ප‍්‍රහාරයට ලක්වීමෙන් විදුහලේ විදුහල්පතිවරයා ද ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබිණි.

ඊයේ (26 දා) උදේ පාසල් ආරක්‍ෂක කමිටු රැුස්වීම තිබී ඇති අතර, ඊට දෙමාපියන් 800 දෙනකු පමණ සහභාගි වී තිබේ. ආරක්‍ෂක කමිටු රැුස්වීමෙන් අනතුරුව පාසලේ පංති කාමර සහ අවට භූමිය පිරිසිදු කිරීමට විදුහල්පති, ගුරුවරුන් සහ දෙමාපියන් කටයුතු කර තිබේ. පංති කාමර අවට ඇති ගස්වල අතු කපා දමා එක්රැුස් වූ කුණු ගිනිතබා විනාශ කරමින් සිටියදී බඹර ප‍්‍රහාරය එල්ල වූ බව බඹර ප‍්‍රහාරයට ලක්වූවෝ පැවසූහ. මෙම බඹර කූඩය පාසල් භූමියේ ගසක සහ පාසල් මායිමේ පිහිටි කලාප අධ්‍යාපන කාර්යාල ගොඩනැගිල්ලක තිබී ඇති බව සිදුකළ සෝදිසියේදී අනාවරණය වී තිබේ. ඊයේ (26 වැනිදා) පෙරවරු 10.15 ට පමණ මෙම බඹර ප‍්‍රහාරය එල්ල වී තිබූ අතර

මිනුවන්ගොඩ දිසා රෝහලේ වෛiවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය බඹර ප‍්‍රහාරයන්ට ලක්වූවන්ට ක්‍ෂණික ප‍්‍රතිකාර ලබාදීමට කටයුතු කරන අයුරු දක්නට ලැබුණි. මිනුවන්ගොඩ දිසා රෝහලේ ප‍්‍රතිකාර ලබන අයගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles