Divaina - පීලි පැන මඬේ එරීගිය දුම්රිය එන්ජිම දින 8ක මෙහෙයුමකින් සාර්ථකව පීලි ගත කෙරේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

train1
 
 මිහින්තලේ - රංග චතු
 
 දුම්රිය එන්ජින් දෙකක් එකවර පිළි පැනීමකට ලක්ව වගුරු බිමකට ඇදී ගොස් මඬේ එරී සිදුවූ විරල දුම්රිය අනතුරේ, ප‍්‍රධාන දුම්රිය එන්ජිම දින 8 ක මෙහෙයුමකින් පසුව සාර්ථකව පීලි ගත කිරීමේ කටයුතු, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා යුධ හමුදා නිලධාරින් එක්ව ඊයේ (20 දා* අළුයම සාර්ථකව නිම කළහ.

train2
 
 පසුගිය 13දා අළුයම කොළොන්නාවේ සිට අනුරාධපුර දක්වා ඉන්ධන රැුගෙන ගමන් කළ ඉන්ධන ටැංකි 10 කින් හා එන්ජින් 2 කින් සමන්විත මෙම දුම්රිය, ශාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලී පැනිමට ලක්ව තිබුණි. පීලි පැනීමෙන් අනතුරුව එම දුම්රිය ප‍්‍රධාන දුම්රිය මාර්ගයෙන් අතුරු දුම්රිය මාර්ගයකට ධාවනය වී, එම රේල් පාර අන්තයේ ඇති නැවතුම් බැම්ම ( බපර් * කඩා ගෙන ගොස්, දුම්රියේ එන්ජින් දෙක හා එක් ඉන්ධන ටැංකියක් ප‍්‍රධාන දුම්රිය මාර්ගයෙන් අඩි 4ක් පමණ පහතින් ඇති වගුරු බිමකට ඇදී ගොස් මඬේ එරී තිබුණි.
 
 අංක 872 දරන මෙම ඉන්ධන දුම්රිය සමග අලූ‍ත්වැඩියා කටයුතු අවසන් කර තිබූ දුම්රිය එන්ජිමක් ද, අනුරාධපුර දක්වා ගමන් කර තිබූ අතර එම දුම්රිය එන්ජිම සමග ප‍්‍රධාන එන්ජිම හා එක් ඉන්ධන ටැංකියක් මෙම අනතුරින් පීලි පැනීමට ලක්ව තිබුණි.
 
 දුම්රිය එන්ජින් දෙකක් අතුරු මාර්ගයක ධාවනය වී එහි නැවතුම් බැම්ම කඩා ගෙන ගොස් වගුරු බිමකට ඇදී යාමේ මෙවැනි දුම්රිය අනතුරක් සිදු වූ පළමු අවස්ථාව මෙය බව දුම්රිය සේවකයින් මෙහිදී පැවසීය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles