Divaina - අන්තවාදීන්ට උදව් කළ දේශපාලකයන් අත්අඩංගුවට ගනු ; මන්ත‍්‍රීවරයෙක් සභා වහළය මතට නගී!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

බලපිටිය ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතා; අන්තවාදීන්ට උදව් කළ දේශපාලකයන් අත්අඩංගුවට ගනු
 
වැලිවිටිය දිවිතුර උපුල් මහේෂ්

bala444
 
 අන්තවාදී ත‍්‍රස්තවාදයට උදව් කරන දේශපාලනඥයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් දැනට බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසත් ඇමැති මංගල සමරවීර මහතාගේ හා ඇමැති තලතා අතුකෝරල මහත්මියගේ ප‍්‍රකාශයන්ට විරෝධය පළ කරමිනුත් බලපිටිය ප‍්‍රාදේශීය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු පිරිසක් හා ප‍්‍රදේශයේ ආගමික නායකයෝ පිරිසක් ඊයේ (21 දා* පෙරවරුවේ බලපිටිය ප‍්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිට ගාලූපාර අයිනේ සිට විරෝධතාවයක නිරත වූහ.
 
 ඇතැම් අය ක`ථපටි බැ`දගෙන සිටියහ. බෞද්ධ, ක‍්‍රිස්තියානි හා මුස්ලිම් ආගම්වලට අයත් ප‍්‍රදේශවාසීහු පිරිසක් ද මීට එක් වූහ.
 
 උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුර බලපිටිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී චමි`දු කුමාර මහතා (ශ‍්‍රීලනිප* කළුපාට ඇ`දුමින් සැරසී ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ වහලය මතට නැග ‘අන්තවාදී ත‍්‍රස්ථවාදී ක‍්‍රියාවලට උඩගෙඩි දෙන දේශපාළුවන් වහා අත්අඩංගුවට ගනු’ යනුවෙන් සඳහන් විරෝධතා වැකි සහිත පුවරුවක් අතැතිව විරෝධතාවයක නිරත විය.
 
 මෙම විරෝධතාවය සඳහා බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරු එක්ව නොසිටියහ. රත්ගම ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත‍්‍රී රුවන් කුමාර මහතා ද දකුණු පළාත් සභා හිටපු මන්ත‍්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා ද එක්ව සිටියහ.
 
 විරෝධතාවයට එක්වූ මන්ත‍්‍රීවරු පිරිස එය අවසන්ව සභා රැුස්වීමට සහභාගි වීම සඳහා පැමිණෙමින් සිටියදී එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුගෙන් දැඩි වාග් ප‍්‍රහාර එල්ල වන්නට විය. මෙහිදී දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් ඇතිවුණි. එම තත්ත්වය හමුවේ සභාපති සමන් ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් සභාවේ කටයුතු ආරම්භ විය. එහිදී එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රී අජිත් අසේල මහතා විසින් සභා රැුස්වීම ප‍්‍රමාදවී ආරම්භ කිරීම නීත්‍යානූකූල නොවන බව පවසමින් විරෝධතාවයක් ගෙනඑන ලදී. එනමුත් සභාපතිවරයා එම විරෝධතා මධ්‍යයේ සභාව පවත්වා ගෙන ගියේය.
 
 මෙම වීරෝධතාවය සඳහා බලපිටිය සුභද්‍රාරාම විහාරාධිපති ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී බලපිටිය ධම්මික හිමි ඇතුළු ප‍්‍රදේශයේ විහාරස්ථාන රැුසක හිමිවරු ද, මුස්ලිම් හා ක‍්‍රිස්තියානි ආගමික නායකයින් මෙන්ම එම භක්තිකයෝ පිරිසක් ද එක්ව සිටියහ.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles