Divaina - ගාල්ලේදී හිමිනමක් පැහැරගෙන යන්න හදලා; සිවිල් පිට ආපු පොලිස් නිලධාරියකුත් කුණුහරුපෙන් බැනලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

මාපලගම ගුණපාල කාරියවසම්, නෙළුව සිරිසේන ගමගේ
 
 රූපවාහිනී ප‍්‍රවීණ කාව්‍ය ධර්මදේශක වනසේ නමකට 20 වැනිදා රාත‍්‍රී ගාල්ල ප‍්‍රදේශයේදී පහරදී මෝටර් රථයක් වෙතට ඇදගෙන යෑමට තැත් කර ඇත.
 
 මෙම සිද්ධියට මුහුණදී ඇත්තේ ගාල්ල කොටිගලහේන ශ‍්‍රී පරමේන්ද්රාරාම විහාරයේ වැඩ සිටින පූජ්‍ය හිනිදුම සරණසිරි හිමියන්ය.
 
 උන්වහන්සේ වලහඳුව ප‍්‍රදේශයේ කවි බණක් නිමා කර ඒ සඳහා සහභාගී වූ සිය නෑ හිත මිතුරන් සමග ගාල්ල දන්ගෙදර ප‍්‍රදේශයේ ආපනශාලාවක් වෙත ගිය අවස්ථාවේ නා`දුනන පුද්ගලයකු විසින් වීඩියෝ දර්ශන ජංගම දුරකථනයක් මගින් ලබා ගන්නා අයුරු ආපනශාලා සේවකයකු දැක ඇති අතර මේ ගැන බහින් බස් වී අනතුරුව සරණසිරි හිමියන්ගේ සිවුරෙන් සහ අතින් ඇදගෙන ඔවුන් පැමිණි මෝටර් රථයට යන විට ආපනශාලාවේ සේවකයින් ස්වාමීන්වහන්සේ බේරා ගැනීමට සමත්වී ඇත.
 
 මේ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ගාල්ල පොලිසියේ උසස් නිලධාරියකු සිවිල් ඇඳුමින් සැරසී සරණසිරි හිමියන් වෙත අසභ්‍ය ලෙස බැන පන්නා ගෙන අද්දැයි පැමිණිල්ලේ සටහන් වෙයි.
 
 මේ පිළිබ`දව ගාල්ල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නුවන් ජේ.වැදීසිංහ මහතා වෙත පැමිණිලි කර මෙම පොලිස් නිලධාරියා පිළිබඳව සුදුසු ක‍්‍රියා මාර්ගයක් ගන්නා ලෙසත් සිද්ධියට අදාළ සැකකරුගෙන් තමන්ට ජීවිතයට තර්ජන ඒම වැළැක්වීමට
 
 ආරශක පියවර ගන්නා ලෙසත් සරණසිරි හිමියන් පොලිසියෙන් ඉල්ලා ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles