Divaina - මහනුවර ගින්නෙන් පවුල බේරාගත් රාම්රාජ් නව නිවසේ වෙසක් සමරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new


 
 නෝමන් පලිහවඩන
 
 kamdu333මාස කීපයකට පෙර මහනුවර යටිනුවර වීදියේ සිව්මහල් ගොඩනැඟිල්ලේ හටගත් මහා ගින්නෙන් දරු පවුල බේරාගත් රාම්රාජ් පිළිබඳව එදා මුළු රටම කතා කළේය.
 
 ඔහුගේ ප‍්‍රශ්න අසා නිවාස ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා මෙන්ම බොහෝ දෙනෙක් ඔහුට උදව් උපකාර කළහ.
 
 මහනුවර ප‍්‍රදේශයේ සමාජ සේවකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වූ අනුර බමුණුසිංහ මහතා පර්චස් තිහකට වැඩි ඉඩමක් පරිත්‍යාග කළේය.
 
 සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා දියවඩන නිලමේතුමා සහ මහනුවර වෙළෙඳසංගම් මෙන්ම සිරස නාලිකාව ඇතුළු තවත් ආයතන මගින් ලබාදුන් මුදල්වලින් රාම්රාජ් තමාට ලැබුණු ඉඩමේ නිවසක් ඉදිකිරීමට පියවර ගත්තේය. නිවස සම්පූර්ණ කරන තෙක් ඔහු ඇතුළු දරු පවුල පුංචි කාමරයක අද පදිංචිව සිටිති.
 
 මේකෙ වහලය විතරයි. දැන් මම හදාගන්න ඕනෑ. ඊට පස්සේ හිමින් හිමින් ගෙදර වැඩ සම්පූර්ණ කරගන්නවා. සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා දියවඩන නිලමේ තුමා ඇතුළු තවත් කීප දෙනෙක් ගෙදර වහලය ගසා ඉතුරු වැඩ ටිකත් මට සම්පූර්ණ කරගන්න මුදල් දෙන්න පොරොන්දු වුණා. ගින්නෙන් මගේ රැුකියාවේ උපකරණ විනාශ වුණා. මට යළිත් රස්සාව කරගෙන යන්නත් ඕනෑ. මේ අහල පහල උදවිය මට හරියට උදව් කරනවා. බමුණසිංහ මහත්මියත් එයාගේ මුළු පවුලමත් අපේ දුක සැප නිතර සොයා බලනවා.
 
 වෙසක් සමයේ මේ දවස්වල මගේ අලූතින් සාදන නිවසේ වෙසක් සැරසිලි කිරීමට අපට සිතුණා. ආගමික සංහිඳියාවට මෙය ලොකු ආදර්ශයක් කියලා මා සිතනවා යැයි ඔහු කීවේය. ඔහුගේ නිවසේ වෙසක් සැරසිලි කර තිබෙන අයුරු දක්නට ලැබිණි.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles