Divaina - කඩුවක් ළඟ තබා ගැනීමේ වරදට සිංහල හා මුස්ලිම් ජාතික දෙදෙනෙක් හිරේ; එක කඩුවක්‌ භාරදී තව එකක්‌ ළඟ තියාගෙන!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new


 
 තලාව වසන්ත බණ්ඩාර කළුආරච්චි
 
 kadsකඩුවක් ළ`ග තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සිංහල හා මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු මෙම මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළ තඹුත්තේගම වැඩ බලන මහෙස්ත‍්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහතා ඔවුන් එදිනට නොච්චියාගම සංචාරක මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
 
 මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ නොච්චියාගම නගරයේ සිංහල ජාතිකයකු හා මුස්ලීම් ජාතිකයකුය. පසුගිය 15දා සැකකාර මුස්ලීම් ජාතිකයා ඔහු ළ`ග තිබු කඩුවක් සිංහළ ජාතිකයා සමග ගොස් නොච්චියාගම පොලීසියට භාරදී තිබේ. ඒ රජය මගින් තමන් ළ`ග ඇති ආයුධ ලබාදීමට ලබා දි තිබු කාලය සැලකිල්ලට ගෙනය.
 
 ඊට පසුදින මුස්ලීම් ජාතිකයාගේ නිවස පොලිසිය විසින් පරික්ෂා කර තවත් කඩුවක් තිබු නිසා ඔහු හා ඔහුගේ මිතුරා වන සිංහල ජාතිකයා අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් පසු වැඩ බලන මහෙස්ත‍්‍රාත් චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා විසින් ඉකුත් 16දා ඔවුන් 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට නියෝග කර තිබු අතර 17දා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු නැවත 21 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles