Divaina - රිෂාඞ්ගේ මල්ලී මන්නාරම වැලි ව්‍යාපාරිකයකුට තර්ජනය කරලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

- ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලි කරයි

- අප දුන් බලපත‍්‍රවලට අත දාන්න ඔහුට බලයක් නැහැ - භූ විද්‍යා සමීක්‍ෂණ සභාපති කියයි

ගොඩවැලි විකිණීමේ නිරත පුද්ගලයෙකුට එම කටයුතු නතර කරන්නැයි මන්නාරම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මුජායල් බදුර්දීන් මහතා විසින් තර්ජනය කරන ලදැයි එම පුද්ගලයා මන්නාරම පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.

තම බල ප‍්‍රදේශයේ ගොඩවැලි විකිණීමට අදාළ කටයුතු සඳහා තමාගේ අවසරය ලබා ගත යුතු බවත් එසේ අවසරයක් නොමැතිව සිදුකරන මෙම කටයුත්ත වහා නතර කරන ලෙසත් පැමිණිලිකරුට ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් තර්ජනය කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

පෞද්ගලික ඉඩමක සිදුකරගෙන යන එම කාර්යයට අත පෙවීමට ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාට බලයක් නැතැයි ඒ පිළිබඳ භූ විද්‍යා සමීක්‍ෂණ පතල් කාර්යාංශයේ සභාපතිවරයාගෙන් ‘දිවයින’ කරන ලද විමසීමකදී ඒ මහතා පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා මෙසේද කීය.

අපේ ආයතනය රජයේ පිළිගත් නීති රීතිවලට අනුවයි කටයුතු කරන්නේ. ඒ නිසා අපි නිකුත් කරන බලපත‍්‍රයට අභියෝග කරන්න ඔහුට අයිතියක් නැහැ. ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාට මේ ගැන දැනුවත් කරමින් ලිපියක් යැවීමට කටයුතු කරනවා. අපගේ කාර්යයන්ට බාධා කරන්න ඔහුට ඇති බලය කුමක්ද යන්න ප‍්‍රහේළිකාවක් බවත් සභාපති ඉද්දවෙල මහතා කීය.

අදාළ සභාපතිවරයා කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාගේ සොහොයුරෙකු බවද වාර්තා වේ.

කුෂාන් සුබසිංහ

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles