Divaina - මේ විශ්වාසභංගය ආණ්ඩුවට කඬේ යෑමක් - මහින්දානන්ද අලූත්ගමගේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

re1 2රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය ගෙනැවිත් තිබෙන විශ්වාසභංගයට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හා දෙමළ සන්ධානයේ මන්ත‍්‍රීවරු සහාය දීමට තීරණය කර තිබෙන අවස්ථාවක එය කඩාකප්පල් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.

කොළඹදී ඊයේ (20 දා) සවස පැවැති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා එජාපය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්, දෙමළ සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් පිරිසක් හා විශ්වාස භංගයට අත්සන් නොකළ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් මෙම විශ්වාසභංග යෝජනාවට සහාය පළකරන බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබුණා. එවැනි පසුබිමක නියත වශයෙන්ම මෙම විශ්වාසභංග යෝජනාව ජය ගැනීමට හැකියාව තිබෙනවා. ඒ ජයග‍්‍රහණය දැක දැක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සුපුරුදු පරිදි රනිල් වික‍්‍රමසිංහ අගමැතිට කඬේ යනවා.

අනුර කුමාර දිසානායක මහතා මේ උත්සාහ කරන්නේ රිෂාඞ් බදුර්දීන් ඇමැතිට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව සැහැල්ලූවට ලක්කර එය පරාජය කර ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටයි.

රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට රජයේ මැති ඇමැතිවරුන් සහාය පළකරන බවද කියා තිබියදී ජවිපෙ මෙලෙස කි‍්‍රයා කරන බවද මන්ත‍්‍රීවරයා කීය.

අනුර බාලසූරිය

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles